Home ව්‍යාපාර පුවත් vivo – Y53s ස්මාර්ට් දුරකතනය හඳුන්වා දෙයි

vivo – Y53s ස්මාර්ට් දුරකතනය හඳුන්වා දෙයි

by Hela news

වෙළෙඳපොළේ විවිධාකාරයේ ස්මාර්ට් ජංගම දුරකතන රාශියක් පැවතීම නිසා ඔබට අවශ්‍ය නිවැරැදිම සහ සුදුසුම ස්මාර්ට් ජංගම දුරකතනය තෝරා ගැනීම වෙහෙසකර කාර්යයක් විය හැකිය. ඔබට පහසුවෙන්ම සුදුසුම ස්මාර්ට් ජංගම දුරකතනය තෝරා ගැනීමට සහාය වීම සඳහා vivo නිරතුරුවම සූදානමින් සිටින අතර, ඔබේ අවශ්‍යතාව vivo නිවැරැදිව අවබෝධයකින් යුතුව හඳුනාගෙන ඇත.

ඒ අනුව බොහෝ දෙනකු මඟ බලා සිටි vivo සමාගමේ තාරුණ්‍ය ඉලක්ක කර ගත් Y කාණ්ඩයේ නවතම Y53s දුරකතනය පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. එය ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන තරුණ පිරිසේ අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් නිමවා ඇති ස්මාර්ට් ජංගම දුරකතනයකි. 8GB + 4GB extended RAM, 64 MP Rear Camera සහ Eye Autofocus වැනි ඉහළ මට්ටමේ විශේෂාංගවලින් සමන්විත Y ශ්‍රේණියේ පළමු ස්මාර්ට් ජංගම දුරකතනය මෙයයි. මේ හරහා vivo විසින් තාක්‍ෂණය ජනතාව අතට පත් කරමින් තාක්ෂණික ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා පුළුල් කරනු දැකිය හැකිය. මෙහි කැමරාව සැලකිල්ලට ගත් කල vivoහි සිය නවෝත්පාදනයන් ජීවමානව පවත්වා ගන්නා බව දැකිය හැකිය. එය 64MP Rear Camera, Eye Autofocus සහ Super Night Camera වලින් සමන්විතය. Advanced Eye Autofocus විශේෂංගය මඟින් ස්මාර්ට් ජංගම දුරකතනයට නිරන්තර අවධානය යොමු කිරීම සහතික කරමින් රාමුවේ ඇති වස්තු නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි. එමඟින් චලනය කිරීමේදී බොඳවීමකින් තොරව පරිශීලකයන්ට සියලු චලනයන් මනාව ග්‍රහණය කර ගත හැකිය. එහි නව්‍ය පරිශීලකයාට හැසිරවීමට පහසු කැමරා විශේෂාංග සමඟ වඩාත් උසස් හැඟීමක් ගෙන දෙයි.

0 comment
0

Related Posts

Leave a Comment