Home ව්‍යාපාර පුවත් vivo Y53s එළිදකී

vivo Y53s එළිදකී

by Hela news

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන vivo සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Y53s තාරුණ්‍යයේ සිතුම් පැතුම් හා අපේක්ෂාවන් සපුරාලීමටම පෙරමුණ ගෙන සිටින Y කාණ්ඩය යටතේ මෙරටට හඳුන්වා දෙන බව නිවේදනය කළේය. Y53s, 64MP Rear Camera එකකින් සමන්විතව සුපැහිදිලි ඡායාරූපකරණ අත්දැකීමක් දීම සඳහා Eye Autofocus විශේෂාංගය සමඟ පැමිණි Y කාණ්ඩයේ පළමු ස්මාර්ට් ජංගම දුරකතනයයි. සුමට බහුවිධ යෙදුම් භාවිත අත්දැකීමක් සහතික කිරීම සඳහා එය වර්ධනය කළ හැකි 8GB + 4GB RAM එකකින් සමන්විත අතර, එහි 33W Flash Charge මඟින් නිරතුරුව පරිශීලකයා බලයෙන් සන්නද්ධ කර තබයි.

දිගු වේලාවක් කැමරා සහ යෙදුම් භාවිත කිරීම සඳහා සහාය වශයෙන්, vivo Y53s තුළ 5000MAh බැටරියක් ඇතුළත් වන අතර, එය 33W FlashCharge තාක්‍ෂණයෙන් සමන්විත වේ. එමඟින් විශේෂයෙන්ම වීඩියෝ අන්තර්ගත නිර්මාණයකරණයේ යෙදෙන්නන්ට සහ වෘත්තිකයන්ට දවස පුරාම වැඩ කිරීමට අවශ්‍ය බැටරි බලය දෙයි. දැකුම්කලු පසුපස කැමරා පද්ධතියකින් සමන්විත මේ ස්මාර්ට් ජංගම දුරකතනය නවීන විලාසිතාත්මක උපාංගයක් සඳහා වන පාරිභෝගික අභිලාෂයන් මානව සපුරාලයි. 3D design සහිත ඉතා අලංකාර බවින් යුතු vivo Y53s ඕනෑම වේලාවක, ඕනෑම තැනක සුපැහැදිලි ඡායාරූපකරණයට සහ ක්‍රියාශීලි ක්‍රීඩා අත්දැකීම ගැනීමට ඉඩ සලසයි.

Y53s ස්මාර්ට් ජංගම දුරකථනය පිළිබඳ vivo ශ්‍රී ලංකාහි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියැං මහතා මෙසේ අදහස් දැක්වීය. “vivo නිරන්තරව පාරිභෝගිකයන් අමන්දානන්දයට පත් කරමින් නව්‍ය ස්මාර්ට් ජංගම දුරකතන මඟින් ඔවුන්ගේ ජීවිතය වඩාත් උසස් මට්ටමකට ගෙන එන සන්නාමයක් ලෙස ප්‍රසාදය දිනා ගෙන තිබෙනවා. Y53s ස්මාර්ට් ජංගම දුරකතනය Y ශ්‍රේණියේ හැකියාවන් තවත් ඉදිරියට ගෙන එමින් සියල්ල සපිරි ස්මාර්ට් ජංගම දුරකතනයක් ලෙස අති ප්‍රභල ක්‍රියාකාරිත්වයක් ලබා දෙනවා.”

0 comment
0

Related Posts

Leave a Comment