Home ව්‍යාපාර පුවත් Venture Engine දැන් වස­රට පාත­බයි

Venture Engine දැන් වස­රට පාත­බයි

by Hela news

ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායන්ට අත දෙන පුරෝගාමී වැඩසටහනක් වන Venture Engine 2021 වසර සඳහා ද දියත් කර ඇති අතර, එහි අයදුම්පත් භාර ගැනීම ඔක්තෝම්බර් 22 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව පවතී. වසංගතය මධ්‍යයේ දේශීය ව්‍යවසායකින්ට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා 2021 ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල මෙම වැඩසටහන පැවැත්වෙන අතර, නව්‍ය හා වැඩිදියුණු කළ හැකි ව්‍යාපාර සඳහා ආධාර කිරීමේ සැලසුම් සමඟින් Venture Engine දස වසරක සේවාවක් සඳහා හිමිකම් කියයි. ආරම්භක අවධියේ පසුවන සහ දියුණුවෙමින් පවතින ව්‍යාපාර කෙරෙහි මෙම වැඩසටහන මඟින් අවධානය යොමු කෙරුණද, විශාල වෙෙළඳපොළ අවස්ථා සඳහා වැදගත් වන නවමු ව්‍යාපාරික අදහස්වලින් පිරි ව්‍යවසායකයින් පිළිබඳවද අවධානය යොමු කරයි.

BOV Capital සහ Indian Angel Network විසින් නිර්මාතෘත්වය දරන Venture Engine වැඩසටහන Lankan Angel Network (LAN) සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ. Venture Engine 2021වැඩසටහන සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය දරන ෆෝඩ් පදනම (Ford Foundation) මෙසේ සඳහන් කළේය: “නව ව්‍යවසායන් යනු නවෝත්පාදනයන් සඳහා උත්ප්‍රේරකයකි. Venture Engine වැනි වැඩසටහන් විශේෂයෙන් ඉලක්ක කර ගන්නේ එවන් නවෝත්පාදනයන් ලංකාවට මෙන්ම ඉන් ඔබ්බට ද සේවාවන් සැපයීමට සවිබල ගැන්වීමයි.

0 comment
0

Related Posts

Leave a Comment