Home ක්‍රීඩා පුවත් SMS අවුලකින් ටිම් පේන් ඉල්ලා අස් වෙයි.

SMS අවුලකින් ටිම් පේන් ඉල්ලා අස් වෙයි.

by Hela news

තස්මේනියා ක්‍රිකට් සේවිකාවක සමඟ නුසුදුසු කෙටි පණිවිඩ හුවමාරුවක් සිදු කිරීමේ සිද්ධියක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි. හෝබාර්ට්හි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සිය ඉල්ලා අස්වීම ඊයේ නිවේදනය කළේය.

2017 වසරේ දී මේ සිද්ධිය ඇතිව තිබෙන අතර, පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා තස්මේනියා ක්‍රිකට් ආයතන ඒකාබද්ධ පරීක්ෂණයකින් ඔහුව නිදහස් කරන ලදී. එහෙත් එංගලන්තය සමඟ ආරම්භ වීමට නියමිත අළුබඳුන ටෙස්ට් තරගාවලියට සති තුනක් පමණ ඉතිරිව තිබියදී 36 හැවිරිදි ඔහු නායකත්වයෙන් ඉල්ලා අස් වීමේ තීරණය ගත්තේය. නායකත්වයෙන් ඉවත් වුවද අළුබඳුන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් සිටී.

ටිම් පේන්ගේ ඉල්ලා අස්වීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන ඇති අතර, ඉදිරියේ දී නව ටෙස්ට් නායකයකු පත් කිරීමට කටයුතු කරන බව පවසා තිබේ. 2018 වසරේ දී ටිම් පේන් එරට 46 වැනි ටෙස්ට් නායකයා ලෙස පත් කරනු ලැබුවේ ස්ටීවන් ස්මිත්ගේ පුරප්පාඩුවටය.

0 comment
0

Related Posts

Leave a Comment