Home ව්‍යාපාර පුවත් SLT-MOBITEL ‘Entrepreneurship Studio’ පුහුණු සැසිවලට නවක ව්‍යාපාර 20ක්

SLT-MOBITEL ‘Entrepreneurship Studio’ පුහුණු සැසිවලට නවක ව්‍යාපාර 20ක්

by Hela news

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘Entrepreneurship Studio’ ව්‍යවසායකත්ව වැඩසටහනේ 2021-2022 අදියර සඳහා මේ වනවිට ආරම්භක මට්ටමේ පවතින ව්‍යාපාර 20ක් තෝරා ගෙන තිබේ. ඒ අනුව මේ ව්‍යවසායකයන්ට පුළුල් මට්ටමේ උපදේශන හා මාර්ගෝපදේශන සැසි මාලාවකට සහභාගි වීමට අවස්ථාව ලැබෙනු ඇත.

Entrepreneurship Studio වැඩසටහන ආරම්භ කරන ලද්දේ රටේ ඩිජිටල් තාක්ෂණ භාවිතාවන් සම්බන්ධයෙන් පෙරළියක් ඇති කිරීමේ හැකියාව සහිත ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට අත්වැලක් වීමේ අරමුණිනි. මේ වැඩසටහන ඔස්සේ, තාක්ෂණ ක්ෂේත්‍රයේ තීරණාත්මක වෙනස්කම් කිරීමේ හැකියාව සහිත නව නිෂ්පාදන හා විසඳුම් හඳුන්වා දීම සඳහා මේ නවක ව්‍යාපාර දිරිගන්වනු ලැබේ. වැඩසටහන අවසානයේදී තෝරාගනු ලබන ජයග්‍රාහකයන්ට තම ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා රු. මිලියනයක් දක්වා අරමුදල් සම්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

SLT සමූහයේ නවතම පුරෝගාමි පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන වන ‘The Embryo’ යටතේ ‘Entrepreneurship Studio’ වැඩසටහන ක්‍රියාත්මක වේ. අති-නවීන ඩිජිටල් විසඳුම් බිහි කිරීම සඳහා සුදුසු පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම ‘The Embryo’ හි මූලික ඉලක්කයයි.

තෝරා ගන්නා ලද ව්‍යවසායකයන්ට සති 14ක කාලයක් පුරා විවිධාකාර වූ පුහුණු හා මඟ පෙන්වීම් සැසි, වැඩමුළු සහ පුහුණු කඳවුරු ආදියට සහභාගි වීමට අවස්ථාව හිමි වේ. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් පිරිසක් විසින් මේ වැඩමුළු හා පුහුණු සැසි මෙහෙයවනු ලබන අතර, ව්‍යාපාරික දැක්ම, පාරිභෝගික හා නිෂ්පාදන සංවර්ධනය, අලෙවිය, නීතිය සහ බුද්ධිමය දේපළ, යටිතල පහසුකම් හා තාක්ෂණය සහ ආදායම වර්ධනය කර ගැනීම වැනි කරුණු කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමුවනු ඇත.

පසුගිය මැයි මාසයේදී ආරම්භ කරන ලද මේ වැඩසටහන යටතේ මේ වනවිට ව්‍යාපාර 20ක් කෙටි-ලැයිස්තුගත කර තිබේ. ‘Entrepreneurship Studio’ වැඩසටහන වෙතින් ලැබෙන මේ මඟ පෙන්වීම හා පුහුණුව, ව්‍යාපාරවල දීර්ඝකාලීන සාර්ථකත්වයට හා තිරසරත්වයට අතිශයින් වැදගත් වනු නිසැකය.

0 comment
0

Related Posts

Leave a Comment