Home ව්‍යාපාර පුවත් SLT-MOBITEL වෙතින් One Galle Face Mall සහ One Galle Face Tower වෙත නවීන තාක්ෂණික විසඳුම්

SLT-MOBITEL වෙතින් One Galle Face Mall සහ One Galle Face Tower වෙත නවීන තාක්ෂණික විසඳුම්

by Hela news

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, One Galle Face Mall සහ One Galle Face Tower වෙත අතිනවීන ඩිජිටල් සේවාවන් සැපයීම සඳහා ෂැංග්‍රිලා හොටෙල්ස් ලංකා (පෞද්.) සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තැබීය.

SLT-MOBITEL වෙනුවෙන් SLT ප්‍රධාන විධායක නිලධාරි කිත්ති පෙරේරා මහතා සහ ෂැංග්‍රිලා හොටෙල්ස් ලංකා (පෞද්.) සාමාගම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ෂැංග්‍රිලා සමූහයේ උප සභාපති (මෙහෙයුම්) ටිමති රයිට් මහතා මේ ගිවිසුම අත්සන් කළහ. මීට අමතරව දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

මේ ගිවිසුම යටතේ One Galle Face Mall සහ One Galle Face Tower හි සියලු ඒකක වෙත SLT-MOBITEL Fibre තාක්ෂණය හරහා අධිවේගි සම්බන්ධතාවන් ලබාදීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත. එම සේවාවන් භාවිත කරන්නන්ට 100 Mbps දක්වා වන අධිවේගි අන්තර්ජාල සම්බන්ධතාවක් අත්විඳීමට අවස්ථාව හිමි වේ.

මීට අමතරව මේ ගිවිසුම යටතේ PEO-TV සම්බන්ධතා පිරිනැමීමටද SLT-MOBITEL පියවර ගනු ඇත. ඉදිරියේදී එම පාරිභෝගිකයන් වෙනුවෙන්, Smart Building සංකල්පයට අනුකූල අති නවීන තාක්ෂණික පහසුකම් සැපයීමටද SLT-MOBITEL සැලසුම් කර තිබේ

0 comment
0

Related Posts

Leave a Comment