Home ව්‍යාපාර පුවත් SLT-MOBITEL වෙතින්‘සුවවිරු උපහාර’

SLT-MOBITEL වෙතින්‘සුවවිරු උපහාර’

by Hela news

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL මෙරට ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් ‘සුවවිරු උපහාර’ නමින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබේ. මේ වැඩසටහන යටතේ එම සුව විරුවන්ට මාස 3ක කාලයක් සඳහා දුරකතන සහ අන්තර්ජාල සම්බන්ධතාව නොමිලේ හිමි වනු ඇත.

මුළු දිවයිනම ආවරණය වන පරිදි තෝරා ගත් ප්‍රධාන පෙළේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරන, හෙද හෙදියන්, උපස්ථායකයන්, රියැදුරන් සහ ආදාහනාගාර සේවකයන් ඇතුළු කාණ්ඩවලට මේ ස්ථාවර හෝ ජංගම දුරකතන සේවා ගත හැකි වේ.

“රටේ පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ ජීවිත අවදානම නොතකා දිනපතාම ඉමහත් කැපවීමෙන් සේවය කරන සෞඛ්‍ය සේවක සේවිකාවන් ඉටු කරන මෙහෙවර ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය ලෙස මේ විරුවන් අගයමින්, මේ අභියෝගකාරි කාලසීමාවේදි ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් කර ගැනීමට සහ ඔවුන්ට තම ආදරණීයයන් සමඟ බාධාවකින් තොරව සම්බන්ධතා පැවැත්වීමට හැකි වන ආකාරයේ විසඳුම් පිරිනැමීම අපගේ වගකීමක්. මේ උපහාරය පිළිගෙන එහි ප්‍රතිලාභ අත්විඳින මෙන් මා ඔවුන්ට ආරාධනා කර සිටිනවා” යනුවෙන් SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් සෙනෙවිරත්න මහතා පැවසීය.

මේ දීමනාව සක්‍රීය කළ දිනයේ සිට මාස 3ක් දක්වා සෑම මාසයකදීම ඕනෑම ජාලයකට SMS 1,000ක්, ඕනෑම ජාලයකට විනාඩි 1,000ක ඇමතුම් කාලයක් සහ 2GB දත්ත නොමිලේ හිමි වේ. දීමනාවට සුදුසුකම් ලබන පුද්ගලයන්ට මේ දීමනා සියල්ල සහිත ජංගම දුරකතන සම්බන්ධතා දෙකක් ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

දැනටමත් SLT-MOBITEL ස්ථාවර දුරකතන සහ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා හිමි පුද්ගලයන්ට ඕනෑම ජාලයක් සඳහා නොමිලේ අසීමිත ඇමතුම් හිමි වීමට අමතරව, මාස 3ක කාලයක් සඳහා මාසිකව YouTube සඳහා 10GB ඩේටා සමඟ 100 GB Meet Max Bundle සහ 10 GB Messenger Bundle නොමිලේ හිමි වේ. SLT-Mobitel Fibre, ADSL සහ 4G LTE භාවිත කරන පාරිභෝගිකයන්ට මේ ඩේටා දීමනා ගත හැක.

මේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා නාගොඩ පිහිටි ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේදී පැවැත්විණි. එම ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල සහ කළුතර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර යන මහත්වරුන් ඇතුළුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් සහ SLT-MOBITEL නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

0 comment
0

Related Posts

Leave a Comment