Home ව්‍යාපාර පුවත් SLIM ජනතා සම්මාන උලෙළේදී ඇසට්ලයින් ලීසිං ගෙ‍ෟරවයට පාත්‍ර වෙයි

SLIM ජනතා සම්මාන උලෙළේදී ඇසට්ලයින් ලීසිං ගෙ‍ෟරවයට පාත්‍ර වෙයි

by Hela news

පසුගියදා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති 2021 SLIM ජනතා සම්මාන උලෙළේදී ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ් ‘SLIM වසරේ ජනතාවගේ මූල්‍ය සේවා සපයන්නා’(SLIM Peoples Financial Service Provider of the Year) සම්මානය සඳහා වූ නාම යෝජනා අතරට එක් විය. රට පුරා පිහිටි ශාඛා 53ක් සහිත විශේෂිත ලීසිං සමාගමක් ලෙස ඇසට්ලයින් ශ්‍රී ලාංකීය ලීසිං වෙළෙඳපොළේ ප්‍රමුඛතම ලීසිං සමාගමක් ලෙස සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වී ඇත. තම සියලු ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට වඩාත්ම සරිලන නව්‍ය සහ විශ්වසනීය මූල්‍ය විසඳුම් නිර්මාණය කරමින් ක්ෂේත්‍රයේ ඉදිරි පෙළේ සිටින සමාගමක් ලෙස ඇසට්ලයින් ලීසිං මෙරට පුද්ගලයන්ගේ සහ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම ජීවන රටාව යහපත් කිරීමට උර දී ඇත.

මේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ්හි ප්‍රධාන අලෙවි නිලධාරී අජන්ත ප්‍රේමසිරි මහතා මෙසේ පැවසුවේය. “SLIM වසරේ ජනතාවගේ මූල්‍ය සේවා සපයන්නා ලෙස නාම යෝජනා අතරට ඇසට්ලයින් එක් කිරීමට ලබා දුන් සහයෝගය සහ අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාරික පාර්ශ්වකරුවන්ට සහ ඇසට්ලයින් සාමාජිකයන්ට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරන්න කැමතියි.”

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) 15 වැනි වරටත් මෙවර ‘SLIM ජනතා සම්මාන’ උලෙළ සංවිධාන කර තිබූ අතර, මෙරට ජනතාවගේ ජීවිතවලට සමීප වෙමින් ඔවුන්ගේ සිත් සතන් ඇද බැඳ තබා ගැනීමට සමත් වුණු සන්නාම සහ පුද්ගලයන් මේ උලෙළේදී සම්මානයට පාත්‍ර විය. ආයතනික ක්ෂේත්‍රයේ ඉහළින්ම පිළිගත් අලෙවිකරණ උලෙළක් වන මේ උලෙළේදී දිවයින පුරා කරනු ලබන පිළිගත් සමීක්ෂණයක් ඔස්සේ ජනතාව‌ගේ කැමැත්ත පරිදි සම්මාන ලබන්නන් සහ ඒ සදහා යෝජනා වන නාමයන් තීරණය කෙරේ.

0 comment
0

Related Posts

Leave a Comment