Home ව්‍යාපාර පුවත් Prime Lands Residencies PLC රුපියල් බිලියන 3.7ක වාර්තාගත පිරිවැටුමක්

Prime Lands Residencies PLC රුපියල් බිලියන 3.7ක වාර්තාගත පිරිවැටුමක්

by Hela news

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම නිවාස සහ දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයට අයත් Prime Lands Residencies PLC (PLR)  සමාගම වඩාත් අභියෝගාත්මක ආර්ථික සහ සමාජීය කාලවකවානුවක සිය අති විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් අඛණ්ඩව පවත්වාගෙන යමින් දෙවැනි කාර්තුවේදී සමාගමේ බදුපසු ලාභය151‍% කින් වර්ධනය කර ගැනීමට සමත් වූ අතර ඡුඛඍ හි පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. මෙම අගය පළමු කාර්තුව හා සැසඳීමේදී 86‍%ක වැඩි වීමක් පෙන්නුම් කරයි.

සලකා බලනු ලබන කාලසීමාව තුළ PLR හි බදු පෙර ලාභය රුපියල් මිලියන 573ක් වූ අතර බදු පසු ලාභය රුපියල් මිලියන 506ක් විය. ඒ අනුව මෙම අගයන් මෙම මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ වාර්තා කළ රුපියල් මිලියන 201 සමග සැසඳීමේදී 151‍%ක වර්ධනයක් සටහන් කරයි.

zzPrime Lands Residencies PLC (PLR)සමාගම යළිත් වරක් සිය මූල්‍ය ස්ථායීතා වර්ධනය අඛණ්ඩ ව රඳවා ගනිමින් 2021/22 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේ රුපියල් බිලියන 2.4ක පිරිවැටුමක් සටහන් කිරීමට සමත් වූ අතර වඩාත් අභියෝගාත්මක ආර්ථික හා  සමාජීය කාලවකවානුවකදී සිය මූල්‍ය සහ මෙහෙයුම් නිර්ණායකයන් ඉහළින් සපුරාලීමට සමත් වීම සැබවින්ම සතුටුදායකයි. පාරිභෝගික  අවශ්‍යතා හඳුනාගනිමින් සමාජීය හා ආර්ථික පසුබිමද සැලකිල්ලට ගෙන ස්ථාවරවත් නම්‍යශීලීවත් සැලසුම්කරන ව්‍යාපෘතීන් මේ වර්ධනාත්මක මූල්‍ය කාර්යසාධනයට ඉවහල් වූ බව නිසැකවම සඳහන් කරන්නට පුළුවන්. ශ‍්‍රී ලංකාවේ විශාලතම නිවාස සහ දේපළ සංවර්ධන සමාගම් සමූහය ලෙස දිවයිනේ බොහෝ ප‍්‍රදේශ ආවරණය වන පරිදි ඉඩම් නිවාස සහ සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති ගණනාවක් දියත් කිරීමට ප‍්‍රයිම් සමූහයට හැකිව තිබෙනවා. රුපියල් මිලියන 20 සිට රුපියල් මිලියන 300 දක්වා විහිදුණු අපටම ආව්ණික වූ ක‍්‍රමවේදයන් යටතේ සකස්කළ ආකර්ශණීය මිළ ගණන් වලින් යුතු නිවාස, පුළුල් පරාසයක් පුරා විහිදුණු විවිධ පාරිභෝගික කණ්ඩායම් වෙත හඳුන්වා දී ඇති අතර දැනටමත් ව්‍යාපෘති ගණනාවක වැඩ අවසන් කර ඔවුන් වෙත භාර දීමට අපට හැකිවී තිබෙනවා. වසර 25කට අධික කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ වඩාත් විශ්වාසදායකම නිවාස හා දේපළ වෙළෙඳ සමාගම බවට ප‍්‍රයිම් සමූහය රැක ගත්  සන්නාම කීර්තිනාමය අපගේ ශක්තියෙහි පදනම ලෙස මම විශ්වාස කරනවා. අපගේ විචක්ෂණ ව්‍යාපාරික උපායමාර්ගයන් සමඟ පසුගිය කාර්තුවේදී අප අත්කර ගනු ලැබූ වාර්තාගත මූල්‍ය කාර්යසාධනය තුලින් සියලූ පාර්ශවයන් වෙත ගොඩනංවනු ලැබූ වටිනාකම් පාරිභෝගික විශ්වාසය වඩාත් තීව‍්‍ර කීරීමට සමත් වූ බව මම තරයේ විශ්වාස කරනවා’’ යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා පැවසීය.

2021/22 මූල්‍ය වර්ෂයේ පළමු මාස 6 තුළ සමාගමේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3.7ක් වූ අතර මෙම වර්ධය තුළ සමාගමේ බදුපෙර ලාභය රුපියල් මිලියන 802ක් සහ බදුපසු ලාභය රුපියල් මිලියන 708ක් විය. පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සමග සසඳන විට 2021/22  මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී සමාගමේ ලාභදායීත්වය 30‍%ක මට්ටමක පවත්වාගෙන යෑමට ද හැකිව තිබේ. එමෙන්ම ගත වු කාලසීමාවේදී සමාගමේ කොටසක ඉපැයීම රුපියල් 0.78කින් වර්ධනය වී ඇත.

මෙම වසර සමාගමට ජයග‍්‍රහන රැසක් වාර්තා කළ වසරක් බවට පත් වෙමින් Moody’s අයෝජන සේවාවට අනුබද්ධිත ICRA Ltd සමූහයට අයත් ICRA Lanka සමාගම විසින් පිරිනමනු ලබන , “[SL]A- (Stable)” ණය ශ්‍රේණිය අඛණ්ඩව දෙවැනි වරටත් හිමිකර ගත් ශ‍්‍රී ලංකාවේ එකම නිවාස සහ දේපළ සමාගම බවට පත් වීමට ද Prime Lands Residencies PLC සමාගමට හැකි විය. කොටස් වෙළඳපොළ ලැයිස්තුගත වීමෙන් අනතුරුව 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී Prime Lands Residencies PLC හි පළමු මහා සභා රැස්වීම මාර්ගතව Prime Lands Residencies PLC අන්තර්ජාලය ඔස්සේ සමාගමේ ප‍්‍රමුඛතම කොටස් හිමියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. ^virtually&  සමාගම විසින් සිදු කළ අති සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව 2021/22 මූල්‍ය වර්ෂය අවසනදී සාමාන්‍ය තොටසක් සඳහා ශත 40 බැගින් රුපියල් මිලියන 375ක ලාභාංශ සිය කොටස් හිමියන් වෙත ගෙවීමට Prime Lands Residencies PLC සමාගමට හැකි විය.

PLR හි වේගත් වර්ධනය ශක්තිමත් කිරීම සහ නව චින්තනයකින් නිවාස සහ දේපළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ඉදිරියට යෑම සඳහා මෙරට කීර්තිමත් ඉංජිනේරු වෘත්තිකයකු වූ සහ NJ Consultants හි කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන නොයෙල් ජෝෂප් මහතා Prime Lands Residencies PLC හි  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කළ අතර ඔහු ප‍්‍රමුඛ පෙලේ දෙස් විදෙස් ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවකට සිය දායකත්වය ලබා දී ඇති වසර 32ක පෘථුල අත්දැකීම් සහිත වෘත්තිකයකු ලෙස හඳුන්වාදිය හැක.

0 comment
0

Related Posts

Leave a Comment