‘OPPO එරබදු වාසි’ නැවතත්; ඇදහිය නොහැකි වට්ටම් හා දීමනා

0
26

විශේෂ අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකථන හා උපාංග සන්නාමය වන OPPO, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැවතත් ‘OPPO එරබදු වාසි’ වැඩසටහන ආරම්භ කර ඇත. පාරිභෝගිකයන්ට සුවිශේෂී වට්ටම් හා දීමනා ලබාදෙන මෙම වැඩසටහන 2021 අප්‍රේල් 02 දින සිට 2021 අප්‍රේල් 13 දින දක්වා ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන යටතේ, තම පැරණි OPPO දුරකථනය වෙනුවට, අලුතින් හඳුන්වා දුන් OPPO F19 Pro දුරකථනයක් මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට OPPO Enco W11 උපාංගයක් නොමිලේ හිමිවන අතර, OPPO F17 මාදිලියේ දුරකථනයක් මිලදී ගැනීමේදී 50% ක වට්ටමක් හිමිවනු ඇත. මෙම මාදිලි දෙකටම දර්ශන තිරය සඳහා මාස 6 ක රක්ෂණාවරණයක් හිමි වේ.

“සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු දියුණුව හා පරිණාමය සංකේතවත් කරන දෙයක්. එම නිසාම, මේ අලුත් අවුරුද්දේ තම රුචිකත්වය සහ අතේ ඇති මුදල අනුව, තම පැරණි OPPO දුරකථන වෙනුවට නව F19 Pro සහ F17 මාදිලි මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් මේ ආකාරයට සුවිශේෂී දීමනාවන් පිරිනැමීමට අප කටයුතු කළා. මෑතකදී මෙරටට හඳුන්වා දුන් F19 Pro මාදිලියට දැනටමත් ශ්‍රී ලාංකිකයන් වෙතින් උණුසුම් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. එහි ආරම්භක දිනයේ අලෙවිය, මීට පෙර නිකුත් කළ මාදිලියට සාපේක්ෂව 200% ක වර්ධනයක් පෙන්නුම් කිරීම මීට හොඳ සාක්ෂියක්. හුරුබුහුටි නිමාවකින් සහ දියුණු තාක්ෂණික අංග වලින් සමන්විත, ක්‍රියාකාරීත්වය අතින් විශිෂ්ට මට්ටමේ පවතින F19 Pro මාදිලියේ සන්නාම තානාපතිනිය ලෙස එක්වී සිටින්නේ ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශයි.” OPPO Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

මීට අමතරව ‘OPPO සර්විස් වාසි’ වැඩසටහන යටතේ 2021 අප්‍රේල් 05 දින සිට 2021 අප්‍රේල් 18 දින දක්වා සියලුම අලුත්වැඩියාවන් සඳහා 10% ක වට්ටමක් හිමිවන අතර, උපාංග මිලදී ගැනීමේදී 20% ක වට්ටමක් හිමි වේ. තවද අප්‍රේල් 10 දිනට යෙදෙන සේවා දිනයේදී සේවාවන් ලබාගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ට සුවිශේෂී වාසි රැසක් හිමිවනු ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව තුළ OPPO සේවා මධ්‍යස්ථානයේදී මෘදුකාංග යාවත්කාලීන කිරීම් සහ තවත් එවැනි සේවාවන් රැසක් නොමිලේ ලබාදීමට කටයුතු යොදා තිබේ.

දිවයින පුරා සියලුම OPPO ප්‍රදර්ශනාගාර, අබාන්ස්, සිංහගිරි සහ ඩයලොග් ප්‍රදර්ශනාගාර මෙන්ම Buy Abans සහ Daraz.lk වැනි අන්තර්ජාල අලෙවිසැල් ඔස්සේද මෙම දීමනා ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here