Home ව්‍යාපාර පුවත් Ocean Lanka ‘සේවා අභිමන් 2021’ අභිමානයෙන් සමරයි

Ocean Lanka ‘සේවා අභිමන් 2021’ අභිමානයෙන් සමරයි

by Hela news

මෙරට විශාලතම weft knitted ඇඟලුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd පසුගියදා ‘OCL සේවා අභිමන් 2021’ සේවක ඇගයීම් සම්මාන උලෙළ පවැත්වූ අතර, එහිදී ආයතනය තුළ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයන් 50ක් වෙත රන් කාසි ප්‍රධානය කිරීම සිදු කෙරිණි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Ocean Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා අවධාරණය කළේ සිය සමාගම සෑම විටම මහජනතාව වෙනුවෙන් කටයුතු කරන අතරම දීර්ඝ කාලීනව සේවකයන් එහි රැඳී සිටීම සමාගමට ඉහළම වටිනාකමක් එකතු කරන කාරණයක් බවයි. වැඩි දුරටත් අදහස් පළ කළ ඒ මහතා, ‘‘වසර ගණනාවක සේවා කාලයක් ආයතනය වෙනුවෙන් සම්පූර්ණ කරමින් අද දින අප සමාගම භුක්ති විඳින ගෞරවනීය තත්ත්වය උදා කර ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් පාක්‍ෂිකත්වයෙන් හා කැපවීමෙන් අප හා රැඳී සිටින සේවක මහත්ම මහත්මීන් පිරිසක් ලැබීම අප ආයතනයේ මහත් භාග්‍යයක්. විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවන් පැනනැඟුණු විවිධ අභියෝග මධ්‍යයේ වුවද, ඉහළ විනිවිදභාවයකින් යුතුව, ගෞරවය සහ විශ්වාසය අගයන යහපත් සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා. අප සමඟ මෙතරම් දිගු කලක් සේවය කළ සේවකයන් මේ සඳහා සාක්ෂි දරනවා”.

‘OCL සේවා අභිමන් 2021’ යනු සමාගමේ 25 වැනි සංවත්සරය සනිටුහන් කරන සුවිශේෂි වැඩසටහනක් වන අතර, ආයතනයේ සේවකයන් ඇගයීමට ලක් කිරීම අරමුණු කර ගත් වැදගත් ප්‍රයත්නයක් වශයෙන්ද එය සලකනු ලැබේ. පරිපූර්ණ ලෙස සේවකයන් දිශානුගත කිරීම, සේවකයන් ආයතනික පරිසරයට අනුගත කිරීම, සේවක කාර්යසාධන ඇගයීම්, සේවකයන් අරමුණු කර ගත් තවත් විවිධ ක්‍රියාකාරකම් හා සේවක සුබසාධක වැඩසටහන් ඇසුරින් සේවකයන් ඉහළ පාක්‍ෂිකත්වයකින් යුතුව දීර්ඝ කාලීනව ආයතනය තුළ රඳවා ගැනීම වෙනුවෙන් සමාගම සෑම විටම කැප වී සිටියි.

0 comment
0

Related Posts

Leave a Comment