Home කාලීන පුවත් O/L, A/L, ශිෂ්‍යත්ව විභාග පවත්වන්න යන නවතම විදිහ

O/L, A/L, ශිෂ්‍යත්ව විභාග පවත්වන්න යන නවතම විදිහ

by Hela news

විභාගෙට නිශ්චිත දිනයක් නැත – සැලසුමක් ඇත

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ සැලසුම් මේ වනවිට සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසයි.

අදාළ දිනයන් පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති අතර එම දිනයන් සැලසුම් කර ඇති දින පමණක් බව ඔහු සඳහන් කරයි.

ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදාත් අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අපොස සාමාන්‍ය පෙළ 2022 වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 3 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

“මේ දින මම කිව්වා කියලා අනිවාර්යයෙන් තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ….මේක සැලැස්මක් විතරයි. මට අද කියන්න බැහැ මේක ස්ථීරයි කියලා. දරුවන්ගේ සහ දෙමව්පියන්නේ ඉල්ලීම් ගැන සලකා බලාවි. දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ ටිකක් කරන්න ඕනේ. අපි දන්නවා දරුවන්ගේ පීඩනය. කොහොමත් විභාගය තියෙනවා. ඒ කාලයට ගැලපෙන පරිදි තීරණ ගනී. දරුවන් සූදානම් වෙලා ඉන්න.”

0 comment
0

Related Posts

Leave a Comment