Home ව්‍යාපාර පුවත් Mahindra KUV100 පාරිභෝගිකයෝ 1,000 ඉක්මවති

Mahindra KUV100 පාරිභෝගිකයෝ 1,000 ඉක්මවති

by Hela news

Mahindra & Mahindra Ltd (M&M) සහ අයිඩියල් මෝටර්ස් සහයෝගිතාවයෙන් බිහි වූ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්වකීය 1,000 වැනි KUV100 NXT මෝටර් රථය පසුගියදා කොළඹ ප්‍රදර්ශනාගාරයේදී අලෙවි කරනු ලැබීය.

KUV100 NXTයනු SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි සාඩම්බර පෙනුමකින් යුතු ආකර්ෂණීය මෝටර් රථයකි. සියයට 30ක දේශීය කොටස් එකතු කරමින් ප්‍රථම වරට සම්පූර්ණ වාහනයම මෙරටදී එකලස් කරන ලද පළමු රථය වන මේ මෝටර් රථ මාදිලිය අයිඩියල් සහ M&M සමූහයේ හවුල්කාරිත්වය යටතේ ඉදි කළ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ වාහන එකලස් කිරීමේ අංගණයේදී සම්පූර්ණයෙන්ම එකලස් කොට ඇත.

KUV100 මුල් වරට මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ 2020 වසරේ මුල් භාගයේ වන අතර, වසංගත සමය නිසා පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ඉතා අවම මට්ටමක පැවති සමයක් විය. එනමුත් සෑමවිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් සමාගමක් ලෙස දීප ව්‍යාප්ත සේවා හා අමතර කොටස් ජාලය මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක අලෙවියෙන් පසු කඩිනම් සේවාව යන අංශ කෙරෙහිද විශේෂ අවදානයක් යොමු කිරීමට අපට හැකි විය.

කෝවිඩ් ව්‍යාප්තිය මධ්‍යයේ වුවද මෙරට වෙළෙඳපොළ ක්‍රමිකව විවෘත වීමේදී KUV100 මෝටර් රථ මාදිලියට රට තුළ සැලකිය යුතු ඉල්ලුමක් තිබූ බව දක්නට ලැබිණි. මේ හේතුවෙන් මහේන්ද්‍රා අයිඩියල් ලංකා සමාගම මේ වන විට ඉහළ යන වෙළෙඳපොළ අවශ්‍යතාවට සරිලන පරිදි මේ මාදිලියේ නිෂ්පාදන ධාරිතාවද පුළුල් කොට ඇත.

KUV100 NXT මෝටර් රථය ඊටම අනන්‍ය වූ ලක්ෂණ රැසකින් සමන්විත වන අතර, බල සහ අධිතාක්ෂණික විශේෂාංග ගණනාවක්ද මීට ඇතුළත් වන නිසා මේ මෝටර් රථ පන්තියේ ප්‍රමුඛතම මාදිලිය බවට පත්ව ඇත. එමෙන්ම ශ්‍රී ලාංකික පාරිභෝගික විශ්වාසය නොඅඩුව දිනා ගනිමින් කෙටි කලක් තුළ මෝටර් රථ 1,000ක අලෙවි කඩ ඉම පසු කරන්නට KUV100 NXT රථයට හැකි වීමත් මෙරට පාරිභෝගියන්ගේ උණුසුම් ප්‍රතිචාරයත් අයිඩියල් මෝටර්ස් සහ මහේන්ද්‍රා සමාගම ඉතා අගය කොට සලකයි.

0 comment
0

Related Posts

Leave a Comment