Home ව්‍යාපාර පුවත් LOLC හෝල්ඩිංග්ස් කාම්බෝජයේ මූල්‍ය සමාගම විකිණීමේ ගනුදෙනුව සම්පූර්ණ කරයි

LOLC හෝල්ඩිංග්ස් කාම්බෝජයේ මූල්‍ය සමාගම විකිණීමේ ගනුදෙනුව සම්පූර්ණ කරයි

by Hela news

කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන PRASAC Microfinance හි ඉතිරි 21% ක් වූ සිය කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 225 ක් හෙවත් රු. බිලියන 45.6 ක මුදලක් ඊයේ (21) දිනයේ දී ලද බව LOLC හෝල්ඩිංග්ස් නිවේදනය කරන ලදී.

මේ අනුව PRASAC Microfinance හි කොටස් අයිතියෙන් LOLC සමූහය සම්පූර්ණයෙන් ඉවත්වන අතර අදාළ ගනුදෙනුව හරහා ඩොලර් මිලියන 647 ක් සිංගප්පූරුවේ LOLC International Ltd වෙත ලැබී ඇත.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී, LOLC සමූහය කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන PRASAC Microfinance හි 70% ක් වන සිය කොටස් හිමිකාරීත්වය විකුණා දමන ප්‍රවෘත්තිය නිවේදනය කර සිටියේය.

එම නිවේදනයට අනුව Prasac Microfinance හි 70% ක කොටස් හිමිකාරීත්වය දරන LOLC හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමක් වන සිංගප්පූරුවේ LOLC ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, එහි සෙසු කොටස්කරුවන් සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දකුණු කොරියාවේ KB Kookmin Bank සමඟ කොටස් මිල දී ගැනීමේ හා විකිණීමේ ගිවිසුමකට එළඹ තිබුණි.

දකුණු කොරියාවේ KB Kookmin Bank යනු දකුණු කොරියාවේ විශාලතම වාණිජ බැංකුව වන අතඑ එය ලෝකයේ විශාලත්වය අතින් හයවැනි ස්ථානයේ පසුවන වාණිජ බැංකුව ද වේ.

Prasac Microfinance යනු කාම්බෝජයේ ක්‍රියාත්මක විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන අතර ඒ සඳහා LOLC සමූහය 2007 වසරේ දී ආයෝජනය කරන ලද්දේ සිය ප්‍රථම විදෙස් ආයෝජනය ලෙසයි.

0 comment
0

Related Posts

Leave a Comment