Home ව්‍යාපාර පුවත් JAT Holdings අන්තර්ජාතික ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ ගෞරව් ජෙයින්.

JAT Holdings අන්තර්ජාතික ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ ගෞරව් ජෙයින්.

by Hela news

ශ්‍රී ලංකාවේ දැව ආලේපන කර්මාන්තයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම සිය අන්තර්ජාතික ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ ලෙස ගෞරව් ජෙයින් මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ ව්‍යාපාර ඒකාබද්ධ කිරීම සහ වර්ධනය කිරිම සඳහා JAT Holdingsහි දිගුකාලීන සැලැස්ම කළමනාකරණය කිරීම වෙනුවෙන් මහද්වීප පහක් තුළ දශක තුනකට අධික සේවා අත්දැකීම්වලින් පරිපූර්ණ වූ ගෞරව් ජෙයින් මහතා කටයුතු කරනු ලබයි. JATහි මූලික කොටස් නිකුතුවෙන් (IPO) පසුව දිගුකාලීන ආයෝජන ප්‍රමුඛතා සඳහා යොමුවීම ප්‍රධානම උපාය මර්ගයක් ලෙසින් ඔහු පත් කර ඇත.

අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ දශක ගණනාවක අසමසම අත්දැකීම් සමුදායකට උරුමකම් කියන ගෞරව් ජෙයින් යනු ව්‍යාපාර සංවර්ධනය සඳහා විදේශීය වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීම සහ ඵලදායි ප්‍රතිඵල ගැනීම උදෙසා අවශ්‍ය ව්‍යාපාරික දැනුම මෙන්ම උපායමාර්ගික කළමනාකරණ විෂයෙහි ප්‍රමුඛයෙකි. අප්‍රිකාව, දකුණු ආසියාව, යුරෝපය, උතුරු සහ දකුණු අමෙරිකාව සහ මැදපෙරදිග යන කලාපවල ප්‍රධාන අන්තර්ජාතික වෙළෙඳපොළ සම්බන්ධයෙන් අධීක්ෂණය කර ඇති ඔහු, නිව්යෝර්ක් (NYSE) සහ නෝර්වීජියානු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති ගෝලීය සමාගම්වල සේවය කිරීමෙන් මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුළුල් වූ දැනුමකින් යුතු වේ.

නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් JAT Holdings PLCහි ප්‍රධාන විධායක නිලධාරි නිශාල් ප්‍රදිනාන්දු පැවසුවේ “අප්‍රිකාව සහ දකුණු ආසියාව වගේම අනෙකුත් කලාප සම්බන්ධයෙනුත් අපේ අවධානය යොමු කරමින්, JAT Holdings ආයතනය අන්තර්ජාතිකව පුළුල් ව්‍යාප්තියක් අත්කර ගැනීමේ කාර්යය වෙනුවෙන් ගෞරව් ජෙයින් අප හා එක්වීම පිළිබඳ අපි ආඩම්බර වෙනවා. ”

0 comment
0

Related Posts

Leave a Comment