Home ව්‍යාපාර පුවත් Jaffna Kings හි නව හිමිකරු Lyca සමූහයේ සභාපති අලිරාජා සුභාස්කරන්

Jaffna Kings හි නව හිමිකරු Lyca සමූහයේ සභාපති අලිරාජා සුභාස්කරන්

by Hela news

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සමාරම්භක තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වන යාපනය ස්ටැලියන්ස් හි නව හිමිකරු ලෙස අභිනවයෙන් තේරී පත්වූයේ ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් ය. මොහු ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස දෙවන තරග වාරයට යාපනය කිංග්ස් හි හිමිකාරීත්වය ලබා ඇත.

මෙම නව ව්‍යාපෘතිය ගැන කතා කරමින් සුභාස්කරන් පැවසුවේ, “ LPL හි ක්‍රමාණුකූල දියුණුව ගැන මම අවධානයෙන් සිටියා. එය ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් බවට පත් වුණා වගේම LPL ක්‍රිකට් දින දර්ශනයේ ප්‍රධාන අංගයක් බවට පත්වෙයි කියලා මම තදින්ම විශ්වාස කරනවා. ලොව පුරා බොහෝ ලාංකිකයින් මෙම තරගාවලිය දෙස බලා සිටින අතර වඩා හොඳ අරමුදල් සහ විශාල නම් කෙටුම්පත් කිරීමත් සමඟ ලීගය ගෝලීය සංසිද්ධියක් වනු නිසැකයි. එමනිසා මට මෙය හැර යාමට අවශ්‍ය වන්නේ නැහැ.” යනුවෙනි. සුබාස්කරන් එක්සත් රාජධානියේ Lyca සමාගම් සමූහයේ නිර්මාතෘ සහ සභාපති වන අතර, එය දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ සහ ලංකාවේ ප්‍රබල සහභාගීත්වයකින් යුතුව තම කණ්ඩායම LPL වෙත ගෙන ඒම සඳහා ශක්තියක් විය හැකි ව්‍යාපාරයකි.

0 comment
0

Related Posts

Leave a Comment