Home ව්‍යාපාර පුවත් INSEE – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ අවබෝධතාවක

INSEE – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ අවබෝධතාවක

by Hela news

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ආයතනය පසුගියදා (9) වෝටර්ස්එජ්හි දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සමඟ සුවිශේෂි අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එම ගිවිසුමට අනුව INSEE සිමෙන්ති ආයතනය ලොව භාවිත වන නවීනතම ඉංජිනේරු ශිල්පීය ක්‍රම සහ භාවිතයන් පිළිබඳ දැනුම හුවමාරු කර ගනිමින්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් ඉංජිනේරුවන් 25 දෙනකුගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා සුවිශේෂි වැඩසටහනක් දියත් කිරීමට නියමිතය.

මේ අවබෝධතා ගිවිසුම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද සහ INSEE සිමෙන්ති ආයතනයේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් යන මහත්වරුන් අත්සන් තැබූ අතර එම අවස්ථාවට ඇමැති චමල් රාජපක්ෂ මහතා ද සහභාගි විය.

INSEE සිමෙන්ති ආයතනය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගුණාත්මක බවින් යුත් ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා සිය දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගනිමින් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරන බව යාන් කුනිග් මහතා මෙහිදී පැවසුවේය. “මේ සහයෝගීතාව සමඟ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නංවනවා වගේම, එම ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ගේ නිපුණතා සහ හැකියාවන් සාර්ථකව ඉහළ නැංවීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

එම අවස්ථාවට සහභාගි වූ ඇමැති චමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, ‘‘INSEE සිමෙන්ති වගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සමඟ අත්වැල් බැඳගැනීම තුළින් අපගේ ඉංජිනේරුවන්ට නවතම ගෝලීය ඉංජිනේරු ශිල්පීය ක්‍රම සහ භාවිතයන් පිළිබඳ හොඳ අවබෝධයක් ගැනීමට හැකි වෙනවා.‘‘ එමෙන්ම දැනුම සහ සම්පත් හුවමාරු කර ගැනීමේ වැඩසටහන් හරහා නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ප්‍රමිතීන් ඉහළ නැංවීමට INSEE සිමෙන්ති ආයතනය දෙන සහයෝගය ප්‍රශංසනීය බවත්, මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර සහයෝගීතාවන් ගොඩනැංවීම සඳහා පූර්වාදර්ශයක් වනු ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment