Home ව්‍යාපාර පුවත් INSEE නිල­ධා­රීන්ට කොවිඩ් ආර­ක්ෂණ භාණ්ඩ

INSEE නිල­ධා­රීන්ට කොවිඩ් ආර­ක්ෂණ භාණ්ඩ

by Hela news

මෙරට ජනතාවට වඩාත් සමීප’සංස්ථා සිමෙන්ති’ වැනි නිෂ්පාදනයන් ගෙන එන, ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, කොවිඩ් වයිරසයට එරෙහි ජාතික සටනට සහයෝගය ලබා දෙමින්, තාක්ෂණික නිළධාරීන්ට අත්‍යවශ්‍යය කොවිඩ් ආරක්ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කෙරිණි. INSEE සිමෙන්ති සමාගම මේ වන විටත් කොවිඩ් සටනට උර දෙන වැඩසටහන් රාශියක් දියත් කර ඇති අතර, මෙම පරිත්‍යාගය එම වැඩසටහන්වලට අමතරව දියත් කළ සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි ය.

මෙම භාණ්ඩ තොගය අදාළ පාර්ශ්වයන් වෙත නිලවශයෙන් භාරදීම වෙනුවෙන් INSEE නවෝත්පාදන අවකාශයේ පිහිටි ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව උත්සවයක් පැවැත්වුණු අතර,එම උත්සවයට මධ්‍යම රජය, පළාත් පාලන ආයතන සහ INSEE සිමෙන්ති ආයතනය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වූහ.

0 comment
0

Related Posts

Leave a Comment