Home ව්‍යාපාර පුවත් Huawei නව­තම නිෂ්පා­දන වෙළෙ­ඳ­පො­ළට

Huawei නව­තම නිෂ්පා­දන වෙළෙ­ඳ­පො­ළට

by Hela news

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, පසුගියදා පැවති නිල නිෂ්පාදන දියත් කිරීමේ සුවිශේෂී වැඩසටහනකදී දේශීය වෙළෙඳ පොළ වෙත තාක්ෂණික උපාංග පහක් හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී උපාංග වන්නේ, Huawei Matebook X Pro 2021, Huawei Mate Pad 11, Huawei Watch 3, Huawei Freebuds 4 සහ Huawei Mate View මොනිටරයයි.

මෙම අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකාහි කළමනාකාරීත්වය සහ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක් වන Chanux Bro එක්ව සිටි අතර, ඔහු විසින් නව නිෂ්පාදන පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් සිදුකරන ලදී. මෙහිදී වැඩසටහන නැරඹීම සඳහා එක්වූ පිරිස වෙත, ත්‍යාග ලබාදීමේ අංගයක් ද සංවිධානය කර තිබූ අතර, මෙහිදී Huawei විසින් අසන ලද ප්‍රශ්නයක් සඳහා නිවැරදි පිළිතුරු ලබාදුන් 14දෙනෙකු සඳහා වටිනා Huawei උපාංග දිනාගැනීමේ අවස්ථාව හිමි විය.

දේශීය පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් හඳුන්වා දුන් නවතම නිෂ්පාදන සඳහා දැඩි වෙළෙඳ පොළ ඉල්ලුමක් නිර්මාණය වන බව පෙනී යන්නේ, එම උපාංග තුළ වූ ඉහළ මට්ටටමේ විශේෂාංග හේතුවෙන්ය.

පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත. MateBook X Pro හි ප්‍රධාන විශේෂාංග අතර, ආකර්ෂණීය අඟල් 13.9 ක FullView display සහ දිගුකාලීන බැටරි ධාරිතාව, පුළුල් නැරඹුම් අත්දැකීමක් ලබාදෙන 3K high-definition ඡායාරූප ගුණාත්මකභාවය ප්‍රධාන වේ. කාර්යසාධනය (performance) පිළිබඳ සැළකීමේදී, මෙහි අන්තර්ගත 11th Gen Intel® Core™ ප්‍රොසෙසරය සහ 16GB LPDDR4x මතක ධාරිතාවය ඉතා සුවිශේෂී වන්නේ එමඟින් ලබාදෙන ඉහළ කාර්යක්ෂමතාව මූලික කර ගෙනයි.

0 comment
0

Related Posts

Leave a Comment