Home ව්‍යාපාර පුවත් HNB හරහා එතෙර සිට මුදල් එවන ගනුදෙනුකරුවන්ට වටිනා තෑගි

HNB හරහා එතෙර සිට මුදල් එවන ගනුදෙනුකරුවන්ට වටිනා තෑගි

by Hela news

මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ ප්‍රේෂණ සේවාව හරහා සෑම සතියකම ශ්‍රී ලංකාවට මුදල් එවන ගනුදෙනුකරුවන් අතරින් වාසනාවන්තයන් 100කට වැඩි පිරිසකට වටිනා ත්‍යාග පිරිනමනු ඇත.

ලබන ජනවාරි 15 දා දක්වා කාලය තුළ මුදල් එවන ගනුදෙනුකාරභවතුන්ට සතිපතා දිනුම් ඇදීමෙන් ගෑස් උදුන්, ප්‍රෙෂර් කුකර්, බ්ලෙන්ඩර්, රයිස් කුකර්, කේතල් සහ උණුවතුර බෝතල් වැනි ගෘහ උපකරණ දිනා ගැනීමට අවස්ථාවක් ලැබේ. ඊට අමතරව මේ ප‍්‍රවර්ධන කාල පරිච්ජේදය තුළ සෑම මසකම වාසනාවන්ත ජයග්‍රාහකයන් දෙදෙනකුට රු. 100,000 බැගින් හිමි කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

HNB ප්‍රේෂණ සේවාව මඟින් ලොව පුරා සිටින හවුල්කාර ජාලය හරහා මුදල් යැවීමට පාරිභෝගිකයන්ට පහසුව සහ ආරක්ෂාව සලසා දෙයි. HNB ගෝලීය ජාලය, ලොව පුරා කීර්තිමත් ප්‍රේෂණ නියෝජිතායතන සහ බැංකු රාශියක් සමඟින් ව්‍යාපාරික සම්බන්ධතා 130කට වැඩි ගණනකින් සමන්විත වේ. මුදල් එවන්නන්ට ශ‍්‍රී ලංකා මුදල් හැර පිළිගත් මුදල් ඒකක 13කින් මුදල් තැන්පත් කළ හැකිය.

HNB ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ ක්ෂේත්‍රයේ දශක හතරකට වැඩි පළපුරුද්දක් ඇති පුරෝගාමි බැංකුවකි. HNB සිය ගෝලීය ජාලයට අමතරව, විදේස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට සහාය වීම උදෙසා තෝරාගත් ස්ථාන වෙත නියෝජිත නිලධාරීන් යොදවා තිබේ. මුදල් ලබන්නන්ට පහසුවෙන් ප්‍රේෂණ සේවාව වෙත ප්‍රවේශ වීම සඳහා HNB විසින් ණය ගෙවීමේ විකල්ප කිහිපයක් සපයයි. බැංකුව දිවයින පුරා පිහිටි සිය බැංකු කවුන්ටර හරහා මුදල් ලබා ගැනීමට සහ 780කට වඩා වැඩි බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මඟින් ‘කාඩ්පත් රහිතව ප්‍රේෂණ ලබා ගැනීමේ පහසුකම’ (Card-less remittance withdrawal facility) භාවිත කර මුදල් මාරු කිරීමේ පහසුකම ද සලසා දෙයි.

0 comment
0

Related Posts

Leave a Comment