Home ව්‍යාපාර පුවත් HNB ‘දිරි දරු’ මඟින් දරුවන් 2, 500කට වැඩි පිරිසකට ප්‍රතිලාභ

HNB ‘දිරි දරු’ මඟින් දරුවන් 2, 500කට වැඩි පිරිසකට ප්‍රතිලාභ

by Hela news

පහ වසර ශිෂ්‍යත්වය සාර්ථකව ජය ගන්නා සහ HNB ‘සිඟිති ගිණුමක්’ ඇති සිසු සිසුවියන් හට වටිනා මුදල් ත්‍යාග හා ශිෂ්‍යත්ව පිරනැමීමට ශ්‍රී ලංකාවේ විශාලතම ශිෂ්‍යත්ව වැඩසටහන වන HNB ‘දිරි දරු’ මෙවරත් සැ දී පැහැ දී සිටී. එහි නවතම අදියර යටතේ මෙවරත් සිසු සිසුවියන් 2,500කට වැඩි සංඛ්‍යවකට මිලියන 20ක් ඉක්ම වූ ත්‍යාග දීමට නියමිතය.

මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන HNBහි ප්‍රධාන ජාතික මට්ටමේ ශිෂ්‍යත්ව වැඩසටහන වන ‘දිරි දරු’ යටතේ ත්‍යාග සහ ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලැබීමට නම්, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිඟිති ගිණුම් හිමියන් අවම වශයෙන් රු. 10, 000ක ගිණුම් ශේෂයක් පවත්වාගත යුතුයි. මේ සුදුසුකම හා ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ගන්නා ඕනෑම සිසුවකුට රු. 5, 000ක මුදල් ත්‍යාගයක් සඳහා අවස්ථාව ලැබෙන අතර, එම ගිණුම සඳහා ස්ථාවර නියෝගයක් තිබෙන්නේ නම් ගිණුමේ අවම වශයෙන් රු. 500ක් පවතින්නේ නම් අදාළ මුදල් ත්‍යාගය රු. 10, 000ක් ලෙස දෙගුණ වේ.

‘‘ගිණුමේ අවම ශේෂයක් පවත්වා ගනිමින් අදාළ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ ඉක්මවා යන සියලු සිසු සිසුවියන්ට ත්‍යාග පිරිනමන ශ්‍රී ලංකාවේ ඇති එකම වැඩසටහන වන්නේ මෙයයි. දිරි දරු අරමුදල මඟින් සෑම වසරකම ශ්‍රී ලංකාවේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන් දහස් ගණනකට ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ වගේම තම දරුවාගේ අනාගත අධ්‍යාපනික සහ වෙනත් අවශ්‍යතා සඳහා මව්පියන්ට සමුච්චිත අරමුදලක් ආරම්භ කිරීමටද මෙමඟින් අවස්ථාව සලසනවා.” යනුවෙන් HNBහි ප්‍රධාන කළමනාකාර / තැන්පතු ප්‍රධානි විරංග ගමගේ මහතා පැවසුවේය.

1991 දී සන්නාමගත ළමා ඉතුරුම් ගිණුමක් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන්නේ HNBය. සමස්ත ලංකා හා දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දක්වන සිසුන්ට ශිෂ්‍යත්ව දීම මේ වැඩසටහන පළමුව ආරම්භ කළ අතර, දැන් එම වැඩසටහන අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාග හා ලන්ඩන් O/L හා A/L දක්වා පුළුල් කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment