Home ව්‍යාපාර පුවත් HNB ජෙනරල් ඉන්ෂුවරන්ෂස් ලිමිටඩ් ආසියානු රක්ෂණ සම්මාන උළෙලේ දී අගයයි

HNB ජෙනරල් ඉන්ෂුවරන්ෂස් ලිමිටඩ් ආසියානු රක්ෂණ සම්මාන උළෙලේ දී අගයයි

by Hela news

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මෝටර් හා මෝටර් නොවන රක්‍ෂණ සේවා සපයන්නකු වන HNB ජනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් (HNBGI), මෙරට රක්ෂණ වෙළෙඳපොළ වෙත හඳුන්වාදුන් ‘ MotorGuard Pay As You Claim’ මෝටර් රථ රක්ෂණාවරණය, ‘නවය රක්‍ෂණ විසඳුම් සඳහා වූ ආසියානු රක්ෂණ සම්මාන උළෙල (2021)’ හි දී ශ‍්‍රී ලංකාව තුළ ‘වසවර් මෝටර් රථ රක්‍ෂණ හඳුන්වාදීම’ට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

‘ Pay As You Claim’ යනු විප්ලවීය මෝටර් රථ රක්‍ෂණ විසඳුමක් වන අතර, එමඟින් තම වාහනයට අදාළ රක්ෂණ වාරිකයෙන් 40%, 50% වහෝ 60% ක් පමණක් ගෙවා වසර පුරාම පූර්ණ රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ හැකියාව රක්ෂණ හිමියන්ට ලබාදෙයි.

යම් හෙයකින් හදිසි අනතුරක් සිදුවුවහොත් පමණක් අදාළ රක්ෂණ වාරිකයේ ඉතිරි මුදල පියවා රක්ෂණ වන්දි හිමිකම් මුදල ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNBA සහ HNBGI හි ප‍්‍රධාන විධායක නිලධාරී ප‍්‍රසන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළෙ, HNBGI සමාගම මෑතකදී රක්ෂණ වෙළෙඳපොළට එක් කළ ‘ MotorGuard Pay As You Claim’ වමෝටර් රථ රක්ෂණාවරණය, 2021 ‘නවය රක්‍ෂණ විසඳුම් සඳහා වූ ආසියානු රක්ෂණ සම්මාන 2021’ වැනි සුවිශේෂී සම්මාන උළෙලකදී ඇගයීමට පාත‍්‍රවීම ගැන අපි අතිශයින් සතුටට පත් වෙනවා. HNBGI සමාමෙ දිවනේ දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින්, වසර ගණනාවක් පුරා විශ්වසනීය සහ නව්‍යකරණය වූ මෝටර් සහ මෝටර් නොවන රක්‍ෂණ විසඳුම් රාශියක් හදුන්වාදීම අතින් ඉදිරිවයන්ම සිටින ආයතනයක්.

0 comment
0

Related Posts

Leave a Comment