Home උණුසුම් පුවත් Helanews ගැන ඇත්ත දැනගන්න.ලෝකයේ පළමු සම උපකාරී මහජන රූපවාහිනිය Dil TV

Helanews ගැන ඇත්ත දැනගන්න.ලෝකයේ පළමු සම උපකාරී මහජන රූපවාහිනිය Dil TV

by Hela news

Helanews විකාශන සමාගම මගින් 2022 ජනවාරි මාසයේ අග භාගයේ ඇරභීමට නියමිත Dil TV නාලිකාවේ වීඩියෝ වැඩසටහන් පටිගත කිරීම මේ වන විට ආරම්භකර සාර්ථකව සිදුකරමින් සිටින අතර අප රූපවාහිනිය විකාශනය කරන සියලු වැඩසටහන් අප විසින්ම නිර්මාණය කිරීමේ භාර දූර කටයුත්ත ට අප අත ගැසුවේ සතුටිනි.මුහුණු පොතෙහි සජීවී රූපවාහිනී නාලිකාවක් පවත්වා ගෙන ගොස් රූපවාහිනී විකාශයක් ආරම්භ කරන පළමු ආයතනයද Helanews Broadcasting Network සමාගමයි.Helanews වෙබ් අඩවිය ද අප විසින් බලපත්‍ර සහිතව පවත්වා ගෙන යන අතර නවීන රූපවාහිනී මැදිරි, කැමරා උපාංග, Drona යානා, අති නවීන අනෙකුත් මෙවලම් ද අප සතුය.මාධ්‍ය ලෝකය තුළ කෙරුමෝ බොහෝ සිටිති සමහරක් මාධ්‍ය පාඨමාලා මුවාවෙන් අහිංසක දරුවන් හා දෙමාපියන්ගේ මුදල් සූරාකන ආකාරය මා හොදින් දනිමි.කිසිදු ප්‍රායෝගික පාඨමාලාවක් නොපවත්වා දේශන මගින් මාධ්‍යකරණය කියාදීම ගොඩ පීනනවාට සමාන කිරීමට මා බය වෙන්නේ කුමන හේතුවකට ද?

මේ අසාධාරණයට නොබියව මා විරුද්ධ වූයේ කිසිවෙකුට අපහාස කිරීමට නොවූවත් මාධ්‍යවේදීන් කියාගන්නා ඇතැම් පිරිසුත් හරි වැරැද්ද නොබලා ඔවුන්ට කඩේයන ඇතැම් මුද්ධයන්ට ද, අනුකම්පා කරන බව පැවසිය යුතුමය.අප නාලිකාව පිළිබද චීත්ත ඇදගත් ඇතැම් පිරිසට සෑහීමකට පත්විය හැකි තොරතුරු මෙම පෝස්ටුවේ අඩංගුකර ඇති අතර මුදලාලිකරණය වී ජරාජීර්ණ වූ රූපවාහිනී මාධ්‍ය කලාව ලගදීම අප දෙපයින් ඇවිද්දෝන බව මාධ්‍ය කෙරුමන්ට දැනුම් දීමට කැමැත්තේමි.මාධ්‍ය කෙරුමන්ගෙන් දරුවන්ට වන අසාධාරණය වලක්වාගනු පිණිස මාස 03 ක ප්‍රායෝගික වැඩමුලුවක් ඇත්ත මාධ්‍යවේදීන් බිහිකිරීම සදහා අප ආරමීභ කිරීමට මුල් වූ අතර මාස 03 සදහා ම රුපියල් 2000 ක සාමාජික ගාස්තුවක් අයකිරීමට තීරණය කලේ සහභාගීවන දරුවන් සදහා ආයතනිතව වියදම් වන ජලබිල් සහ විදුලිබිල් පියවා ගැනීම සදහා පමණි.අප ගණන් බලා ඇති ආකාරයට වෙනත් ආයතනයකින් මෙම පුහුණුව සිදුකලේ නම් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය වනු ඇත.

අප වැඩසටහන් නිසා හිතරිදුනු ගොට්ටන්ට සහ මැට්ටන්ට සානුකම්පිතව කටයුතු කිරීමට අප තීරණය කර ඇති අතර කැමැත්තක් සහ උනන්දුවක් ඇති ඔබ ඇත්ත මාධ්‍ය වේදියකු වීමට කැමතිනමී Helanews සමග එක්වන ලෙසත් එසේ නෙමැතිනම් කෙරුමන්ගේ ගොට්ටන්ගේ බහට කීකරුව ලෙසටම ඇනගන්නා ලෙසත් දැනුම් දෙමි.කෙසේ වෙතත් මාස 03 නේ මෙහෙයුම නිමාකරන දක්ෂතා ඇති දරුවන් Dil TV රූපවාහිනී නාලිකාවේ ස්ථීර සේවයට බදවා ගන්නා පොරොන්දු ද දෙමි.අයතා මුදල් අප සමාගම සතුව නොමැති බැවින් ලෝකයේ පළමු සම උපකාරී මහජන රූපවාහිනිය බිහිකිරීමට කිසිවෙකුටත් බිය නොවන බවත් පසුබට නොවන බවත් කෙරුමන්ට කබ්බන්ට දැනුන් දෙමින් සටහනෙහි නැවතීමේ තිත තබනු කැමැත්තෙමි. Dil TV ඔබේ සම උපකාරී මහජන රූපවාහිනියයි.සාගර සම්පත් ජයසිංහ.

0 comment
0

Related Posts

Leave a Comment