Home ව්‍යාපාර පුවත් HCL Technologies පළමු වසර සමරයි

HCL Technologies පළමු වසර සමරයි

by Hela news

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන HCL Technologies ශ්‍රී ලංකාවේ වසරක මෙහෙයුම් කාලයක් සපුරමින්, මෑත භාගයේ උපාධිධාරීන් මෙන්ම ක්ෂේත්‍රයේ මනා අත්දැකීම් සහිත වෘත්තිකයන් සමඟ එහි දේශීය සේවක සංඛ්‍යාව 1,000 ඉක්මවා යෑමේ සන්ධිස්ථානය සලකුණු කළේය.

ලෝකයේ විශාලතම සමාගම් කිහිපයක් වෙනුවෙන් තාක්ෂණික වැඩසටහන් / ක්‍රමවේදයන් සම්පාදනය කරමින් මෙරට සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට පත් කිරීමේ අරමුණින් 2020 දී ශ්‍රී ලංකාවට සේන්දු විය. සමාගම දැන් සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය කොළඹ Orion Cityහි ස්ථාපනය කර ඇති අතර, එතැනින් නොනැවතී තවදුරටත් ව්‍යාප්ත වෙමින් සිය නවීනතම පන්නයේ කාර්යාලයක් කොළඹ නගරයේ Cinnamon Lifeහි ද ස්ථාපනය කර තිබේ.

මෙරට තුළ සිය වසරක මෙහෙයුම් අතරතුර, නව හැකියාවන් ඔප්නැංවීමට සහ ආකර්ෂණය පිණිස HCL විසින් වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරන ලදි. තාක්ෂණික මෙන්ම, තාක්ෂණික නොවන විෂය ධාරා ඔස්සේ වසර 3ක හෝ වසර 4ක අධ්‍යයන කාලයන් නිම කළ තරුණ උපාධිධාරීන් වෙත HCL Sri Lanka විසින් මෘදුකාංග ඉංජිනේරුවන් හෝ තොරතුරු තාක්ෂණික විශ්ලේෂකයන් ලෙසින් තමන් හා එක්වීමේ අවස්ථාව සලසා දෙනු ලැබීය. මේ වසර මුල, සමාගම විසින් එහි මුල් වෘත්තීය වැඩසටහන වන HCL TechBee හඳුන්වා දුන් අතර, උසස් පෙළ සිසුන් හට සිය වෘත්තීය ගමන්මඟ සකසා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන හොරයිසන් කැම්පස් වෙතින් උසස් අධ්‍යාපනය හිමි කර ගැනීමට එමඟින් අවස්ථාව සලසා දෙයි. මේ වැඩසටහනට අමතරව HCL Sri Lanka විසින් ඩිජිටල් යෙදුම් සහ යටිතල කළමනාකරණය වෙනුවෙන් අත්දැකීම් සහිත වෘත්තිකයන් සේවයේ යෙදවූ අතර, සිය බඳවා ගැනීමේ ප්‍රයත්නයන් පෙරට රැගෙන යමින් මාර්ගගත සම්මන්ත්‍රණ සහ වැඩසටහන් පැවැත්වීම හරහා කුසලතා සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ විය.

0 comment
0

Related Posts

Leave a Comment