Home ව්‍යාපාර පුවත් ‘Havells CAT 6 LAN Cabels’බෙදාහැරීම් නියෝජිතයා කැලණි කේබල්ස් සමාගම.

‘Havells CAT 6 LAN Cabels’බෙදාහැරීම් නියෝජිතයා කැලණි කේබල්ස් සමාගම.

by Hela news

මෙරට අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළෙඳනාමය වන කැලණි කේබල්ස් සමාගම, තම බෙදාහැරීමේ නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් ලෝක ප්‍රකට Havelles සමාගම නිපදවන ‘CAT-6 LAN CablesZහි ශ්‍රී ලාංකේය වෙළෙඳපොළෙහි සුවිශේෂි බෙදාහැරීමේ නියෝජිතයා බවට පත්ව තිබේ. එයට අනුව මෙරට පාරිභෝගිකයන්ට පූර්ණ ජාලගත විසඳුම් සපයන ලොවෙහි අධිවේගි දත්ත ප්‍රවේශවීමක් සහිත ‘CAT-6 LAN Cabels’ කේබලය සුවිශේෂී ගුණාංග අත්දැකීමේ අවස්ථාව හිමිවනු ඇත.

‘CAT-6 LAN Cables’ කේබලය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමේ උත්සවය කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි, මහින්ද සරණපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට කැලණි කේබල්ස්හි අලෙවි සාමාන්‍යධිකාරි ආචාර්ය අනිල් මුණසිංහ, අලෙවි කළමනාකරු චන්න ජයසිංහ හා Havells India සමාගමේ ජාතික විකුණුම් කළමනාකරු රොහාන් ගුරුසිංහ යන මහත්වරු සහභාගි වූහ.

ලෝක ප්‍රකට විදුලි කේබල හා විදුලි උපකරණ නිපදවන සමාගමක් වන Havells සමාගම නිපදවන ‘CAT-6 LAN Cables’ කේබලය ධ්වනි පද්ධතිවලට අධි අනුකූලතාවක් හිමි ගින්නට ඔරොත්තු දෙන ආවරණයක් සහිත ලොව තරගකාරි නිෂ්පාදනයක් ලෙස සැලකේ. එමෙන්ම අධිවේගි දත්ත ප්‍රවේශයක් හිමි එම කේබලය විශිෂ්ට නැවීම් පරිධියකින් යුතුවීම විශේෂත්වයකි. තවද ලෝක ප්‍රකට Havells සමාගම තම නිෂ්පාදන ලොව පුරා රටවල් 50කට වැඩි සංඛ්‍යාවක අලෙවි කරනු ලබයි.

0 comment
0

Related Posts

Leave a Comment