Home ව්‍යාපාර පුවත් Ex-Pack සහ co-energi එක්ව තිරසර ගමනකට මුලපුරයි

Ex-Pack සහ co-energi එක්ව තිරසර ගමනකට මුලපුරයි

by Hela news

ශ්‍රී ලංකාව තුළ රැළි ගැන්වූ (corrugated) කාඩ්බෝඩ් ඇසුරුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Expack Corrugated Cartons සමාගම, තම ව්‍යාපාර මෙහෙයුම් හරහා පරිසරයට වන බලපෑම අවම කිරීම හා වළක්වාලීම අරමුණු කර ගනිමින් පසුගියදා co-energi සමාගම සමඟ විශේෂ සහයෝගිතාවකට මුලපිරීය. දේශීය වෙළෙඳපොළ මෙන්ම අපනයන වෙළෙඳපොළ වෙනුවෙන්ද ආරක්ෂිත කාඩ්බෝඩ් ඇසුරුම් නිෂ්පාදනය කරන Expack Corrugated Cartons සමාගම යනු ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමට අනුබද්ධ ආයතනයකි. ඒ අනුව, තිරසර හා කාර්යක්ෂම සම්පත් භාවිතයට අදාළ සැලසුම් නිර්මාණයේ විශේෂඥතාවෙන් හෙබි ස්වාධීන ආයතනයක් වන co-energi සමඟ සහයෝගීතාවෙන්, අධි පාරිසරික සංවේදීතාවක් සහිත, නවෝත්පාදන හා නිත්‍යනුකූල ප්‍රවේශයක් මඟින් තිරසර බව ළඟා කර ගැනීමට Expack සමාගමට අවස්ථාව උදා වනු ඇත.

දැවැන්ත යන්ත්‍ර සූත්‍ර භාවිත කෙරෙන නිෂ්පාදන කර්මාන්තයක නිරත වීමේදී එහි පාරිසරික බලපෑම පාලනය කිරීම යනු බලවත් අභියෝගයකි. කෙසේ නමුත්, තිරසර බව මෙන්ම ව්‍යාපාර මෙහෙයුම් වැඩි දියුණු කිරීම සඳහා ඇති අඛණ්ඩ කැපවීම හේතුවෙන්, බලශක්ති සංරක්ෂණ වැඩසටහන් කිහිපයක්ම සාර්ථකව ක්‍රියාවට නැංවීමටත්, ඒ හරහා පරිසරයට ඇති බලපෑම මඟ හරවා ගැනීමටත් Expack සමාගම සමත්ව තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් Expack සභාපති සත්තාර් කාසිම් මහතා ප්‍රකාශ කළේ දේශගුණ විපර්යාසවලට එරෙහි හා ජෛව විවිධත්වය රැක ගැනීමේ සටනට සිය දායකත්වය දෙන වගකීම් සහගත ආයතනික පුරවැසියකු ලෙස සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි සිය කර්මාන්තශාලාව වෙත කාබන් ශූන්‍යකරණ හා LEED සහතිකය ගැනීමට අදාළ කටයුතු ආරම්භ කර ඇති බවය. 2022 වසර වනවිට කාබන් ශූන්‍යකරණ මට්ටම ළඟා කර ගැනීම Expack සමාගමේ ඉලක්කය වී තිබේ. සුහුරු සැලසුම් (SMART DESIGN) සංකල්පය පෙරදැරි කර ගත් ගොඩනැඟිලි ඉංජිනේරු උපදේශන ආයතනයක් වන co-energi සමාගම, හරිත ගොඩනැඟිලි තාක්ෂණ, MEP සැලසුම් උපදේශන සහ කාබන් ශූන්‍යකරණ උපදේශන ආදි සේවා සලසයි.

0 comment
0

Related Posts

Leave a Comment