Home ව්‍යාපාර පුවත් Edward & Christie සමූහය TATA LPK 1618 ටිපර් රථ මිලදී ගනී

Edward & Christie සමූහය TATA LPK 1618 ටිපර් රථ මිලදී ගනී

by Hela news

TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන DIMO විසින් පෙරළිකාර TATA LPK 1618 ටිපර් රථ 25ක් Edward & Christie සමාගම් සමූහය වෙත නිල වශයෙන් දීම පසුගියදා සිදු කෙරිණි. මේ ටිපර් රථ 25, මූලික වශයෙන් Edward & Christie සමූහය විසින් ඉදිකිරීම් සහ කැණීම් කර්මාන්තයේ කාර්යයන් සඳහා භාවිත කරන අතර, ඔවුන් තවත් ටිපර් රථ 15ක් සඳහා ඇණවුම් ද කර ඇත.

මේ ටිපර් රථ Cummins ISBe 5.9 180 40 එන්ජිමකින් සමන්විත වේ. TATA LPK 1618 ටිපර් රථය කිලෝග්‍රෑම් 16,200 ක දළ බරකින් යුක්ත වේ. මෙහි එන්ජින් ධාරිතාවෙ 5883cc වන අතර එය, BS IV emission ප්‍රමිතියට අනුකූල වේ. මෙය දිගු දුර ධාවනය කෙරන රියැදුරන්ගේ කාර්යක්ෂමතාව විශාල වශයෙන් ඉහළ නංවයි. තවද මේ TATA ටිපර් රථ power steering සමඟින් පැමිණේ.

“DIMO වෙතින් හඳුන්වා දෙන TATA LPK 1618 ටිපර් රථ අප මිලදී ගත්තේ අපගේ මෙහෙයුම් ඉතා කාර්යක්ෂමව කර ගත හැකි උසස්ම තත්ත්වයේ GVW එකකින් සමන්විත නිසා.

විශේෂයෙන්ම රියැදුරන්ට ඉහළ ඵලදායීතාවකින් කටයුතු කළ හැකි වඩාත් පහසු ඩ්‍රයිවර් කැබින් එක, ඉහළ නැවත විකුණුම් වටිනාකමට සහ DIMO වගකීම් සහතිකය සමඟින් අලෙවියෙන් පසු සේවා ජාලය යන සාධක අපගේ මිලදී ගැනීම තීරණය කිරීමේදී වැදගත් වුණු සාධක වෙනවා.”

Edward & Christie සමූහයේ සභාපති ක්‍රිස්ටි ඇරැව්වල මහතා පවසා සිටියි.

මේ ටිපර් රථ භාර දිමේ නිල උත්සවයට සහභාගි වෙමින් DIMO සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ගහනාත් පණ්ඩිතගේ මහතා මෙලෙස පවසයි. “ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ රථවාහන නිෂ්පාදන සමාගමක් වන TATA Motors විසින් නිපදවන LPK 1618 ටිපර් රථ විශිෂ්ට කාර්යසාධනයක් සහිත රථවාහන මාදිලියක් ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන්ම TATA LPK 1618 BLASTER ටිපර් රථ, එහි දියුණු තාක්‍ෂණය, අවම මෙහෙයුම් සහ නඩත්තු පිරිවැය සමඟ වඩාත් කාර්යක්ෂම ඉදිකිරීම් සහ කැණීම් කර්මාන්ත මෙහෙයුම් ක්‍රියාවලියක් සඳහා දායක වේ. DIMOහි සුවිශේෂි අලෙවියෙන් පසු සේවාව ඇතිව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි නිර්මාණය කළ සමස්ත TATA වාණිජ වාහන පෙළ ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම පිළිබඳ සතුටට පත් වනවා.’

0 comment
0

Related Posts

Leave a Comment