Home ව්‍යාපාර පුවත් DSI Tyres වෙතින් ගම්පහ රෝහලට ලක්ෂ 48ක් වටිනා වෛද්‍ය උපකරණ

DSI Tyres වෙතින් ගම්පහ රෝහලට ලක්ෂ 48ක් වටිනා වෛද්‍ය උපකරණ

by Hela news

ටයර් ලොවේ ප්‍රමුඛයා වන DSI Tyres සමාගම සිය ආයතනික සමාජ මෙහෙවර තව දුරටත් දිරියට රැගෙන යමින් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ දැඩි සත්කාර ඒකකයට රුපියල් ලක්ෂ 48ක් වටිනා Philips Multipara Monitors පරිත්‍යාග කළේය. මුළු රටම කොරෝනා ව්‍යසනයට ගොදුරු වී සිටින මොහොතක මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සී/ස සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රණතුංග රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව DSI Tyres සමාගම මේ සත්කාරය කළේය.

වෛද්‍ය ශිරාන් ඩයස් මහතාගේ සම්බන්ධීකරණයෙන් මේ වෛද්‍ය උපකරණ ගම්පහ රෝහලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සැම්සන් රබර් කර්මාන්ත ආයතනයේ මානව සම්පත් අංශයේ සාමාන්‍යධිකාරි එම්. එච්. වසන්ත සහ සහකාර සාමාන්‍යධිකාරි අමිත කුමාර ලොකුවිතානගේ යන මහත්වරු සහ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය සමන් සේනානායක, වෛද්‍ය මහේෂ් සහ වෛද්‍ය ඉලේපෙරුම යන වෛද්‍යවරු සහභාගි වූහ.

Heart rate, Central venous pressure, Non-invasive blood pressure, ECG, SpO2, PaCO2 දර්ශක පෙන්නුම් කරන Multipara Monitors දැඩි සත්කාර ඒකකයේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව පවත්වා ගෙන යමින් අසාධ්‍ය රෝගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට සුවිශාල දායකත්වයක් සපයයි. එය රෝහලේ හදිසි අවශ්‍යතාවක් සැපිරීමක් බව රෝහල් කාර්ය මණ්ඩලයේ අදහස විය. ‘‘DSI Tyres සමාගම නිරන්තරයෙන් සමාජ සත්කාර සඳහා දායකත්වය දක්වනවා. දේශීය ආයතනයක් වන අප සමාගම මේ අර්බුදකාරි අවස්ථාවේදී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සඳහා උදව් උපකාර කරන්න කැප වී සිටිනවා

. එසේම පවතින කොරෝනා වසංගතයේදී DSI Tyres සමාගමේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව මෙන්ම රැකියා සුරක්ෂිතතාව තහවුරු කරන්න අප කටයුතු කර තිබෙනවා.” කළමනාකාර අධ්‍යක්ෂ රණතුංග රාජපක්ෂ මහතා පැවසීය. වසර 30කට වැඩි ව්‍යාපාර ඉතිහාසයකට උරුමකම් කියන සැම්සන් රබර් කර්මාන්ත ආයතනය රටවල් 75කට අධික ප්‍රමාණයකට ටයර් අපනයනය කරමින් සහ දේශීය වෙළෙඳපොළේ බයිසිකල් ටයර්, මෝටර් සයිකල් ටයර්, ත්‍රීවීල් ටයර්, කෘෂි කාර්මික ටයර් සහ ටියුබ් අලෙවි කරමින් ඉතා ඉහළ වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියයි.

0 comment
0

Related Posts

Leave a Comment