Home ව්‍යාපාර පුවත් DIMO – Komatsu වසර 50ක හවුල්කාරීත්වය සමරයි

DIMO – Komatsu වසර 50ක හවුල්කාරීත්වය සමරයි

by Hela news

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන DIMO ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන Komatsu හා ඇති කර ගත් හවුල්කාරීත්වය සඳහා වසර 50ක් සපිරෙන බව නිවේදනය කරයි. මෙහිදී වැදගත් වන තවත් එක් සුවිශේෂි කරුණක් වන්නේ Komatsu විසින් සිය ව්‍යාපාර මෙහෙයුම් දියත් කර වසර 100ක් සම්පූර්ණ වීමද මේ වසරේදීම සිදු වීමයි.

දේශීය බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයට DIMO හි දායකත්වය වර්ධනය කිරීමට Komatsu විසින් හඳුන්වා දී ඇති විවිධ වූ යන්ත්‍ර සූත්‍ර මඟින් මහඟු අත්වැලක් සපයනු ලබන අතර, එමඟින් රටෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති උදෙසා විශාල දායකත්වයක් දීමට DIMO සමත් වී ඇත. ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ සමඟ සිමෙන්ති සහ ඉදි කිරීම් වැනි දැවැන්ත දේශීය කර්මාන්ත සවිබල ගැන්වීමට සහ එවැනි කර්මාන්තවල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට මේ හවුල්කාරිත්වය මනාව දායක වී ඇත.

Hydraulic excavators, wheel loaders, bulldozers, motor graders, dump trucks, hybrid hydraulic excavators සහ articulated dump trucks DIMO විසින් ශ්‍රී ලංකාව තුළ බෙදා හරින Komatsu සන්නාමයේ යන්ත්‍රෝපකරණ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. DIMO මෙවැනි Komatsu බර යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් මෙරට මහා පරිමාණ ජාතික ව්‍යාපෘති සඳහා සපයා ඇත. කටුනායක-කොළඹ අධිවේගි මාර්ගය, දක්ෂිණ අධිවේගි මාර්ගය, මධ්‍යම අධිවේගි මාර්ගය, හම්බන්තොට වරාය සහ පෝට් සිටි එවන් ව්‍යාපෘති කිහිපයකි. මීට අමතරව පෞද්ගලික අංශයේ මහා පරිමාණ සිමෙන්ති නිෂ්පාදකයන් මෙන්ම කුඩා පරිමාණයේ යන්ත්‍රෝපකරණ හිමිකරුවන් ද DIMO හි Komatsu පාරිභෝගිකයන් අතර වෙති.

0 comment
0

Related Posts

Leave a Comment