Home ව්‍යාපාර පුවත් Chris tell Luxury Wellness වෙතින් “Chris tell Crown”

Chris tell Luxury Wellness වෙතින් “Chris tell Crown”

by Hela news

ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Christell Luxury Wellness ආයතනය ‘Christell Crown නමින් නව සේවා මධ්‍යස්ථානයක් One Galle Face සාප්පු සංකීර්ණයෙහි විවෘත කර තිබේ. මෙරටට ප්‍රථම වරට හඳුන්වා දුන්, හිසකෙස් වර්ධනයට උපකාරි වන ‘AAPE Stem Cell Therapy‘ ක්‍රමය ඇතුළුව ප්‍රතිකාර සහ අලංකරණ සේවා රාශියක් මේ නව මධ්‍යස්ථානය තුළදී ලබාගත හැකි වනු ඇත. අති නවීන පහසුකම් රාශියකින් සමන්විත Christell Crown මධ්‍යස්ථානය තුළදී වෛද්‍යවරුන් සහ මැනවින් පුහුණුව ලත් වෘත්තිකයන් කණ්ඩායමක් වෙතින් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ සේවාවන් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ.

හිසකෙස් වර්ධනයට සහ හිසකෙස් අලංකරණයට වැදගත් වන සේවාවන් රාශියක් (Hair & tissue mineral scans, stem cell hair growth therapy, PRP, scalp rejuvenation and circulation boosters, hair growth light therapy, hair and nail VitaDrip® infusions, bio revitalization, ayurveda scalp and hair treatments, natural hair extensions, scalp micropigmentation සහ dandruff and grey hair treatments) මේ නව මධ්‍යස්ථානය හරහා ලබාදීමට සැලසුම් කර ඇත.

විශේෂයෙන්ම නවීනතම තාක්ෂණයක් වන AAPE® (Advanced Adipose-derived stem cell Protein Extract) තාක්ෂණය ඔස්සේ ස්ටෙම් සෛලවල පුනර්ජනනීය හැකියාව භාවිත කරමින් ඉහළම මට්ටමේ චර්ම, කේශ සහ අනෙකුත් ප්‍රතිකර්ම පිරිනැමීමට Christell Luxury Wellness ආයතනයට හැකියාව ලැබී තිබේ. විශේෂයෙන්ම සම අකලට වියපත් පෙනුමක් ගැනීම සහ හිසකෙස් වැටීම වැනි ගැටලුවලට මේ තාක්ෂණය සුවිශේෂී විසඳුම් සපයයි. සමේ සෛල යථා තත්ත්වය පත් කිරීම සඳහා මෙමඟින් සමට කොලජන් ලබාදීම කරන අතර, හිසකෙස් වැටීම අවම කර නැවත වර්ධනය කරවීමේ හැකියාව එය සතුය.

ලෝ ප්‍රකට චර්ම විශේෂඥ වෛද්‍ය බ්යුං-සූන් පාර්ක් විසින් වසර 17ක පර්යේෂණයකින් අනතුරුව AAPE stem cell therapy ක්‍රමවේදය නිර්මාණය කරන ලද අතර, එය මේ වනවිට අධ්‍යයන කිහිපයක් මඟින් තහවුරු කර ඇත. 600,000 කට අධික පිරිසක් සඳහා සිදු කරන ලද සායනික ප්‍රතිකර්ම මඟින් මෙය තවදුරටත් සායනිකව තහවුරු වී තිබේ. මේ වනවිට ලොව රටවල් 30 කට අධික සංඛ්‍යාවක චර්ම විශේෂඥයන් 3,000කට අධික පිරිසක් මෙම ප්‍රතිකර්ම ක්‍රමය භාවිත කරති.EmailFacebookTwitterPinterest0WhatsAppViberMessenger

0 comment
0

Related Posts

Leave a Comment