Home ව්‍යාපාර පුවත් Child Fund Sri Lanka පුදු­කු­ඩි­රිප්පු රෝහ­ලට තාව­කා­ලික කොවිඩ් ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­න­යක්

Child Fund Sri Lanka පුදු­කු­ඩි­රිප්පු රෝහ­ලට තාව­කා­ලික කොවිඩ් ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­න­යක්

by Hela news

ChildFund Sri Lanka විසින් කොවිඩ්-19 වෛරසයෙන් ලාංකිකයන් ආරක්ෂා කිරීමේ නියුතු සෞඛ්‍ය නිලධාරීන්ට ක්‍රියාකාරී සහයෝගයක් ලබා දීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙලට සමගාමීව සිදුකරන ලද තවත් වැඩසටහනක් 2021 අගෝස්තු මස 10 වන දින නිම විය. එනම්, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය රෝහලේ ඉදිකරනු ලැබූ ඇඳන් 40 කින් සමන්විත තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරනු ලැබීමයි.

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා යුද හමුදාව, ChildFund Korea සහ VOICE Area Federation ඇතුළු පාර්ශවකරුවන් බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතිය සාර්ථක ව අවසන් කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලදී

0 comment
0

Related Posts

Leave a Comment