Home ගොසිප් පුවත් BTS ඇමරිකානු ගීත ගඟුල කලඹයි.

BTS ඇමරිකානු ගීත ගඟුල කලඹයි.

by Hela news

සරත් සෘතුවේ දී කලඑළි බසින සම්මාන උළෙලක් ලෙස ‘ඇමරිකානු සංගීත සම්මාන’ හැඳින්විය හැක. වසර හතළිස් නමයක ඉතිහාසයකට හිමිකම් කියන ඔවුන් මෙවර සිය සම්මාන උළෙල පැවැත්වීමට තීරණය කළේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවර මයික්‍රොසොෆ්ට් රඟහලේදීය. වෙනදා මෙන් වැඩි උත්කර්ෂයක් නොතිබුණත් සරලව අලංකාරවත් ලෙස කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කරමින් සම්මාන උළෙල පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.

මෙහිදී, වසරේ ජනප්‍රියම කලාකරුවන්, ජනප්‍රියම ගීතය සහ කණ්ඩායම මෙන්ම ජනප්‍රියම ගීත අල්බයන්ද තෝරා පත්කර ගන්නේය. හතළිස් නමවැනි ‘ඇමරිකානු සංගීත සම්මාන’ උළෙලේ සුවිශේෂීම සිදුවීම වූයේ හිප් පොප් ගායිකාවක් වන ‘කාඩි බී’ විසින් සම්මාන උළෙල මෙහෙයවීමයි. 

එය ‘ඇමරිකානු සංගීත සම්මාන’ ඉතිහාසයේ හිප් පොප් ගායිකාවක් සම්මාන උළෙලක් මෙහෙයවූ දෙවැනි අවස්ථාව වන්නීය. මීට පෙර මෙම සම්මාන උළෙල මෙහෙයවා තිබුණේ රැප් රැජින වන ලතීෆා ය. ඒ 1995 වසරේදීය.

මේ අතර ‘කාඩි බී’ යළිත් වරක් වසරේ ජනප්‍රියම රැප් ගීතයට හිමි සම්මානය දිනා ගත්තාය. එමෙන්ම, පිට පිටම තුන් වරක් වසරේ ජනප්‍රියම රැප් ගායිකාවට හිමි සම්මානය දිනාගත් එකම රැප් ගායිකාව බවටත් ඈ පත්වන්නීය.

0 comment
0

Related Posts

Leave a Comment