Home ව්‍යාපාර පුවත් BIG BAD WOLF Books – SHOPIFY සමඟ හවුල්කාරිත්වයක

BIG BAD WOLF Books – SHOPIFY සමඟ හවුල්කාරිත්වයක

by Hela news

Big Bad Wolf ඔන්ලයින් පොත් අලෙවිය නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රට පුරා සිටින පොත් ලෝලීන් විශ්මයට පත් කරමිනි. මෙවර වුල්ෆ්, e-commerce ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන Shopify සමඟ හවුල්කාරිත්වයකට පැමිණ සිය Wolf Pack පිරිවර සඳහා සුමට හා අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් ගෙන එයි. මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන හයවැනි අවස්ථාව වන අතර, ඔන්ලයින් ක්‍රමය හරහා පැමිණෙන තුන්වැනි අවස්ථාව සහ මේ වසරේ දෙවැනි ආගමනයයි.

නිශාන් වාසලතන්ත්‍රී – අධ්‍යක්ෂ Pro Read Lanka (Pvt) Ltd සහ Partner Big Bad Wolf Books Sri Lanka විසින් Big Bad Wolfහි සම නිර්මාතෘවරුන් වන ජැක්ලින් Ng සහ ඇන්ඩෘ යැප් සමඟ අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් Pro Read Lanka (Pvt) Ltdහි අධ්‍යක්‍ෂ සහ Partner Big Bad Wolf Books Sri Lanka නිශාන් වාසලතන්ත්‍රි මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘‘මෙවර e-commerce අංශයේ දැවැන්තයකු වන Shopifyහි සහාය ඇතිව Big Bad Wolf ඔන්ලයින් පොත් අලෙවිය නැවත වරක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ ඔන්ලයින් අලෙවියේ ශ්‍රී ලංකාව තුළ වන සියලු ගනුදෙනු සුමට ලෙස Shopify විසින් විධිමත් වෘත්තීයමය ආකාරයෙන් හසුරුවනු ඇත.‘‘ මීට අමතරව රසිකයන්ට සියලු ප්‍රභේද හරහා නව පොත් රාශියක් අපේක්ෂා කළ හැකිය. නත්තල් ආසන්න වන බැවින් Big Bad Wolf සුවිශේෂි ආකාරයකින් පැමිණීමට නියමිතය.

Big Bad Wolf Booksහි සම නිර්මාතෘ ඇන්ඩෘ යැප් මහතා මෙසේ පැවසීය “සියලු දෙනාටම ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා පමණක් නොව ඔවුන්ගේ රසවින්දනය සඳහා ගුණාත්මක ඉංග්‍රීසි පොත් සඳහා ප්‍රවේශය දීම Big Bad Wolf Booksහි අපගේ මෙහෙවරයි. සියලු ශ්‍රී ලාංකිකයන්ට ප්‍රීතිය සහ දැනුම බෙදා හැරීම සඳහා අපි නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළේ ඒ නිසයි.”

0 comment
0

Related Posts

Leave a Comment