Home ව්‍යාපාර පුවත් AIA ඉන්ෂුවරන්ස් හය නිවුන් දරුවන්ගේ මවුපියන්ට සතුට පළ කරයි

AIA ඉන්ෂුවරන්ස් හය නිවුන් දරුවන්ගේ මවුපියන්ට සතුට පළ කරයි

by Hela news

පසුගිය ඔක්තෝම්බර් 21 දා ශ්‍රී ලංකාවේ ප්‍රථම හයනිවුන් දරු උපත සිදු වූ අතර, මෙය ලෝකයේ 19 වැනි හය නිවුන් දරු උපත ලෙස වාර්තා අතරට එක්වෙයි. අභිනවයෙන් දරුවන් 6 දෙනකුගේ මව්පිය පදවිය වෙත පියමනින මවුපියන් හට AIA ඉන්ෂුවරන්ස් සිය හදපිරි සුබ පැතුම් එක් කර සිටියි.

AIA ඉන්ෂුවරන්ස්හි සන්නාම ප්‍රතිඥාවට අනුව සියලු දෙනාට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් අත් කර ගැනීමට සහාය වීමට කැප වන සමාගමක් ලෙස එම මව්පියන්ටත් මුළු මහත් රටටත් උදා වූ මේ විශේෂ අවස්ථාව අපි බෙහෙවින් අගයකොට සලකමු. එනිසාම අපි මේ නව හය නිවුන් මව්පිය දෙපොළට ඔවුන්ගේ දරුවන් 6 දෙනා ආදරයෙන් රැකබලා ගනිමින් ඔවුනට හොඳම දේ දීමට සහාය වීමට ඉදිරිපත් වූයෙමු. දරුවන්ගේ පියාට වසර 10ක් සඳහා රු.10,000,000ක ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ දීමටත්, දරුවන්ගේ අනාගත සුබසෙත වෙනුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් වෙනුවෙන් වැය කිරීමට රු.500,000ක මුදල් වවුචරයක්ද දීමට අපි කටයුතු කළෙමු. මේ ත්‍යාග AIA ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරි නිඛිල් අද්වානි සහ නයින්වෙල්ස් මාතෘ රෝහලේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් රණවීර මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී දරුවන්ගේ පියා වෙත දෙන ලදි.

AIA ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරි නිඛිල් අද්වානි අදහස් දක්වමින් කියා සිටියේ ‘‘නිවුන් දරුවන් දෙදෙනකුගේ පියකු ලෙස මෙවන් අවස්ථාවකදී මවුපියන්ට සහ මුළුමහත් පවුලටම ඇති වන සතුට මා අත්දැකීමෙන් දන්නා අතර, දරුවන් හය දෙනකු ලද මේ මවුපියන්ට එය වඩාත් විශේෂ වෙනු ඇතැයි මා සිතනවා. ‘‘

AIA ඉන්ෂුවරන්ස්, නයින්වෙල්ස් රෝහල සමඟින් 2020 වසරේ සිට සහයෝගිතාවකට එළඹ සිටින අතර, මේ රෝහල ශ්‍රී ලංකාවේ ඇති මූලිකම කාන්තා සහ මාතෘ සුවතා රෝහල්වලින් එකක් යැයි නිඛිල් අද්වානි මහතා කියා සිටියි. “රෝහල සතුව ඇති පහසුකම් සහ අති දක්ෂ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්ගේ සුවිශේෂි කාර්යසාධනය මේ විශිෂ්ටත්වයට හේතු වෙනවා.” මේ සහයෝගෙිතාවට අනුව නයින්වෙල්ස් රෝහලේදී දරු සම්පත් ලබන සියලු පවුල් වෙත මූල්‍ය රැකවරණය සහ සුරක්ෂිතතාව තහවුරු කරමින් රු. මිලියනක් වටිනා ලොව වටා පුද්ගල හදිසි අනතුරු ජීවිත රක්ෂණ ආවරණයක් AIA ඉන්ෂුවරන්ස් නොමිලේ දෙයි.

0 comment
0

Related Posts

Leave a Comment