Home ව්‍යාපාර පුවත් ADFIAP සම්මාන උලෙළේ එලායන්ස් ෆිනෑන්ස් වෙත විශේෂ සම්මාන දෙකක්.

ADFIAP සම්මාන උලෙළේ එලායන්ස් ෆිනෑන්ස් වෙත විශේෂ සම්මාන දෙකක්.

by Hela news

වසර 65කට අධික කාලයක් තුළ පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටු කළ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස් පසුගියදා අවසන් වූ ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ද්විත්වයක් හිමි කර ගෙන ඇත. AFC විසින් පරිසරය සහ සමාජය සඳහා කරන ලද තිරසර සංවර්ධන ක්‍රියාකාරකම් අගයමින් මේ සම්මාන හිමි වීම සුවිශේෂි වේ. මෙහිදී එලායන්ස් ෆිනෑන්ස් වෙත කැපී පෙනෙන සංවර්ධන ව්‍යාපෘති සම්මාන කාණ්ඩය යටතේ, ඔවුන්ගේ පැළ මිලියනයක් සිටුවීමේ එකමුතුකමේ ව්‍යාපෘතිය අගයමින් කුසලතා සම්මානය හිමි වූ අතර, හොඳම තිරසර වාර්ෂික වාර්තා කාණ්ඩය යටතේ තවත් විශේෂ සම්මානයක් හිමි විය. වාර්ෂිකව සංවිධාන කෙරෙන ADFIAP විශිෂ්ට සංවර්ධන ව්‍යාපෘති සම්මාන උලෙළේදී සමාජීය සහ පාරිසරික සංවර්ධනයට සාධනීය බලපෑමක් ඇති කිරීමට සමත් වූ ව්‍යපෘති මෙහෙයවූ හෝ එබඳු ව්‍යාපෘතිවලට සහාය දුන් මූල්‍ය ආයතන සහ සංවර්ධන බැංකුවලට සම්මාන පිරිනැමීම කරයි.

AFC විසින් දියත් කරන ලද පාරිසරික සංරක්ෂණ ව්‍යාපෘති අතර 2018 දී දියත් කරන ලද ‘තුරු මිතුරු‘ වැඩසටහන ප්‍රමුඛත්වයක් ගනී. මෙහි පළමු අදියර තුළදී, පාසල් 991ක පාසල් දරුවන් 370,000කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් දිවයින පුරා ගස් 176,000කට අධික ප්‍රමාණයක් සිටුවීමට AFC පුරෝගාමි වී කටයුතු කරන ලදි. මෙහි දෙවැනි අදියර ලෙස 2019 වසරේදී ගස් මිලියනයක වැඩසටහනක් ආරම්භ කළ අතර, 2024 වර්ෂය වන විට හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ගස් මිලියනයක් පැළ කිරීම AFCහි අභිලාෂයයි. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), සිංහ සමාජය, නොරොච්චෝලේ බලාගාරය, රාජ්‍ය විශ්වවිද්‍යාල, පාසල් සහ ආගමික ස්ථාන හා අත්වැල් බැඳ ගනිමින් මේ ව්‍යාපෘතිය හරහා දැනට ලක්ෂ තුනකට අධික පැළ ප්‍රමාණයක් රෝපණය කිරීමට AFC හට හැකිවී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment