Home දේශීය පුවත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය 22 දා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය 22 දා

by Hela news

උසස් පෙළ පෙබරවාරි 7 ඇරැඹේ

වර්ෂ 2021 දී පැවැත්වීමට නියමිතව තිබූ පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 22 දා ද, අ.පො.ස. උසස් පෙළ විභාගය පෙබරවාරි 7 දා සිට මාර්තු 5 දා දක්වා ද පැවැත්වේ.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යය යටතේ අයදුම්කරුවන් 255,062 දෙනකු ද දෙමළ මාධ්‍යය යටතේ අයදුම්කරුවන් 85,445 දෙනකු ද වශයෙන් අයදුම්කරුවෝ 340,507ක් පෙනී සිටිති. විභාග මධ්‍යස්ථාන 2,943කදී මේ විභාගය පැවැත්වෙන අතර, ඒ වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 499ක් ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 279,141ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 66,101ක් ද වශයෙන් අයදුම්කරුවන් 345,242ක් පෙනී සිටින බව ද ඒ මහතා කීවේය. විභාග මධ්‍යස්ථාන 2,438කදී මේ විභාගය පැවැත්වෙන අතර, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316ක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

0 comment
0

Related Posts

Leave a Comment