Home ක්‍රීඩා පුවත් 2022 විස්සයි20 අවසන් තරගය මෙල්බන් ක්‍රීඩාංගණයේදී

2022 විස්සයි20 අවසන් තරගය මෙල්බන් ක්‍රීඩාංගණයේදී

by Hela news

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට මෙල්බෝන් ක්‍රීඩාංගණය නම් කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. ඔස්ට්‍රේලියාවේ නගර 7කදී තරග පැවත්වෙන ලබන වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 13 වැනිදාට නියමිතව තිබේ.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. එම තරගාවලිය මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේදීය. එහෙත් කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් එය 2022 දක්වා කල් දමනු ලැබුවේ වසර 2018දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය මේ වසරට කල් දමා තිබූ බැවිනි.

ලබන වසරේ ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන අටවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට දැනටමත් රටවල් 8ක් සුදුසුකම් ලබා සිටී. සත්කාරක ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව එම රටවල්ය. වසර 2014දී විස්සයි20 ලෝක ශූර ශ්‍රී ලංකාව සහ වසර 2012 සහ 2016 විස්සයි20 ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ නැමීබියාව සහ ස්කොට්ලන්තය ඇතුළු රටවල් අටක් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කළ යුතුව තිබේ. එම තරගාවලියේ හොඳම කණ්ඩායම් හතර සුපිරි 12 වටයට සුදුසුකම් ලබයි.

0 comment
0

Related Posts

Leave a Comment