Home උණුසුම් පුවත් 1987-2003 ගිවිසුම්වලින් ඉන්දියාවට දුන් තෙල් ටැංකි නැවත ගන්න උත්සාහ කරනවා

1987-2003 ගිවිසුම්වලින් ඉන්දියාවට දුන් තෙල් ටැංකි නැවත ගන්න උත්සාහ කරනවා

by Hela news

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල

වසරක් පුරා උත්සාහ දරමින් සිටින්නේ සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට දී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සියල්ල නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

1987 සහ 2003 වසරවල අත්සන් කළ ඉන්දු- ලංකා ගිවිසුම් අනුව මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ඇති ටැංකි සියල්ලම සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබා දී ඇති බවත්, තමන් සේවය කරන ස්ථානය පිළිබඳ නිවැරදි තොරතුරු නොදැන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට භාර දීමට කටයුතු කරන බවට වෘත්තිය සමිති චෝදනා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

මෙම තෙල් ටැංකි එජාප ආණ්ඩු විසින් ගිවිසුම් දෙකකින් ඉන්දියාවට බාරදෙන විට නිහඬව සිටි එජාප වෘත්තීය සමිති, ඉන්දියාවෙන් ආපසු ලබා ගැනීමට උත්සාහ කරන විට “ඉන්දියාවට දෙනෝ” කියලා කෑ ගැසීම දෛවයේ සරදමක් බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

පසුගිය රජය එය ඉන්දියාවේ භුක්තියට බාරදී ඇති බැවින් ඉන්දියානු විදේශ ලේකම්වරයාට ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණය කිරීමට අයිතිය ඇති බව පැවසූ අමාත්‍යවරයා, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කිසිදු ප්‍රයෝජනයක් නොගෙන යකඩ ගොඩක් බවට පත්ව ඇති මෙම තෙල් ටැංකි රටේ ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ ගනිද්දී ඊට විරුද්ධ වෙන්නේ රටේ සතුරන් පමණක් බව පැවසීය. තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යනවා යැයි චෝදනා කිරීමට පෙර දැන් තෙල් ටැංකි තියෙන්නේ කා ගාවදකියා සොයා බලන ලෙස එම වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටින බවද අමාත්‍ය ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

0 comment
0

Related Posts

Leave a Comment