by Hela news

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය අද යි.

මීට සුළු මොහොතකට පෙර කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 230කට දැවී ගියේය.

ඔවුන් ඊයේ දින වර්ෂාව හේතුවෙන් තරගය අතරගම නවතාදමන විට කඩුලු 9ක් දැවී ලකුණු 224ක් රැස්කර තිබුණි.

ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4ක් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුදෙනා දැවී ලකුණු 386ක් රස් කළහ.

0 comment
0

Related Posts

Leave a Comment