Home කාලීන පුවත් ෆේස්බුක් පෝස්ට් එකක් නිසා ග්‍රාම නිලධාරිනියක් ඇතුළු පිරිසක් ගුටිබැට හුවමාරුවක

ෆේස්බුක් පෝස්ට් එකක් නිසා ග්‍රාම නිලධාරිනියක් ඇතුළු පිරිසක් ගුටිබැට හුවමාරුවක

by Hela news

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු එකතුවී තවත් කාන්තාවකට සහ ඔහුගේ පුත්‍රයාට පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එම සිද්ධියට සම්බන්ධවී ඇත්තේ ග්‍රාම නිලධාරිනියක්, ඇයගේ ස්වාමිපුරුෂයා සහ සහෝදරයෙකු බව වාර්තා වේ.

හලාවත, අක්කරන්කොටුව ප්‍රදේශයේදී එම සිද්ධිය ඇතිවී තිබුණේ පසුගිය 23 වනදා ය.
 
වැඩිදුරටත් වාර්තාවී ඇත්තේ එම සිද්ධියට හේතුවී ඇත්තේ ෆේස්බුක් ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධ සිද්ධියක් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ලැබී ඇති බව හලාවත පොලීසිය පවසයි.

පොලීසිය සිදුකළ විමර්ශන අනුව එක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

නමුත් පහරදීම සිදුකර ඇති ග්‍රාම නිලධාරිනියව, ඇයගේ ස්වාමිපුරුෂයා හෝ සහෝදරයාව පොලීසිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව අක්කරන්කොටුව ගම්වාසීන් සඳහන් කරයි. 

එම සිද්ධියෙන් අනතුරුව අදාළ ග්‍රාම නිලධාරිනිය මෙතෙක් සේවයට වාර්තා කර නොමැති අතර ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනුම්දී ඇතැයි වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment