ෆේස්බුක් ගිණුම් 17%කට අයිතිකරුවන් නැහැ

0
73

ශ්‍රී ලංකාවේ හිමිකරුවන් නොමැති බවට අනාවරණය කර ගෙන තිබෙන සමස්ත ෆේස්බුක් ප්‍රමාණයෙන් සියයට 17ක් පමණ වන ප්‍රමාණය අත්හිටුවීමට රජයේ අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එවැනි ගිණුම් නියාමනය සහ පාලනය කිරීම සඳහා රාජ්‍ය ව්‍යුහයේ පවතින ආයතන ඔස්සේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පවතින නීති මත වැඩපිළිවෙළක් සැකසීම සම්බන්ධයෙන් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ‌ එම්.යූ.එම් අලී සබ්රි මහතා සහ තමා එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද ඊට අනුමැතිය ලැබුණු වහාම අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කරයි.

එවැනි හිමිකරුවන් නොමැති ගිණුම් ඔස්සේ ත්‍රස්තවාදයට, අන්තවාදයට, ජාතිවාදයට අනුබල දෙන ක්‍රියා, තරුණ පරපුර නොමඟ යවන විෂමාචාර සහ හොරකම් වැනි සමාජ විරෝධි ක්‍රියාවන්ට ආධාර අනුබල දීම් වන බවට ආරක්ෂක අංශවල නිරීක්ෂණයන්ට ලක්ව ඇති බවද රටේ ජාතික ආරක්ෂාවට සහ යහපත් සමාජ පැවැත්ම උදෙසා මෙවැනි පියවරක් ගන්නා බවද ඒ මහතා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here