Home උණුසුම් පුවත් ෆේස්බුක් ඔස්සේ ඔබටත් මෙවැනි දේ සිදුවුනා ද

ෆේස්බුක් ඔස්සේ ඔබටත් මෙවැනි දේ සිදුවුනා ද

by Hela news

ඇඹිලිපිටිය පොලීසියට අනාවරණ වූ දේ

කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයට නිර්මාණය කර සමාජ මාධ්‍යයට යොමුකරන බවට තර්ජනය කරමින් කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි යි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අවුරුදු 20ත් 23ත් අතර වයස්වල පසුවන ඔවුන් පොළොන්නරුව සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මොවුන් ෆේස්බුක් ඔස්සේ කාන්තාවන්ට තර්ජනය කර මෙලෙස මුදල් ලබා ගැනීම් සිදුකරන බව මූලික පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

0 comment
0

Related Posts

Leave a Comment