Home උණුසුම් පුවත් හොඳම තත්ත්වයේ කාබනික පොහොර ආනයනය කරනවා: හිඟයක් නැහැ

හොඳම තත්ත්වයේ කාබනික පොහොර ආනයනය කරනවා: හිඟයක් නැහැ

by Hela news

කාබනික පොහොර සාම්පල එවා ඇති සමාගම් විස්සකට ආසන්න ප්‍රමාණයක් අතුරෙන් මෙරට පසට සහ ශාකවලට හිත කර හොඳම තත්ත්වයේ කාබනික පොහොර ආනයනය කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (30) පැවසීය.

මේ සමාගම් එවා ඇති පොහොර සාම්පල පරීක්ෂා කර ශාක නිරෝධායන මධ්‍යස්ථානය විසින් දෙන නිර්දේශයට අනුව කාබනික පොහොර ආනයනයට අවසර දෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

චීනයේ සමාගමක් විසින් එවන ලද පොහොර සාම්පලවල මෙරටට අහිත කර බැක්ටීරියා ඇති බව පරීකෂණවලදී තහවුරු වී ඇති බැවින් එම සමාගමෙන් පමණක් කාබනික පොහොර ආනයනය කිරීම අත්හිටු වූ බවත් ඇමැතිවරයා කීවේය.

මහ කන්නය ආරම්භයට පෙර ඔක්තෝම්බර් මාසය අවසානයේදී කාබනික පොහොර හිඟයකින් තොරව ගොවි ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

0 comment
0

Related Posts

Leave a Comment