Home ක්‍රීඩා පුවත් හෙට තරගයට පිවිසෙන ශ්‍රී ලංකා පිල ට වෙනස්කමක්,

හෙට තරගයට පිවිසෙන ශ්‍රී ලංකා පිල ට වෙනස්කමක්,

by Hela news

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට (29) පැවැත්වීමට නියමිත දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගන්වා ඇති බව දිනේෂ් චන්දිමාල් පවසයි.

ඒ අනුව දෙවන තරගය සඳහා වේගපන්දු යවන්නෙකු හෝ පිතිකරුවෙකු කණ්ඩායමට කැඳවන බව අද (28) පැවති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 187කින් ජයගත්  ශ්‍රී ලංකාව තරගාවලියේ මේ වනවිට 1ට 0ක් ලෙස පෙරමුණේ පසුවෙයි.

ඒ අනුව දෙවන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් පිටියට පිවිසීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පැවසීය.

දෙවන ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී උදෑසන 10ට ආරම්භවීමට නියමිත අතර මීකී ආතර්ගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගයද මෙයවීම විශේෂත්වයකි.

0 comment
0

Related Posts

Leave a Comment