Home දේශීය පුවත් හිසට ගලකින් පහර දී පුද්ගලයෙක් ව ඝාතනය කෙරේ.

හිසට ගලකින් පහර දී පුද්ගලයෙක් ව ඝාතනය කෙරේ.

by Hela news

දෙනියාය, සිරිමල්දෙණිය වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

70 හැවිරිදි අයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු විසින් අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී තිබේ.

පසුව එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකු පහරදීම සිදුකළ පුද්ගලයාගේ හිසට ගලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දෙනියාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment