Home දේශීය පුවත් හිටපු මහ ඇමැතිටයි ලේකම්ටයි අල්ලස් නඩු.

හිටපු මහ ඇමැතිටයි ලේකම්ටයි අල්ලස් නඩු.

by Hela news

උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රන්ජිත් මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ධුරය දැරූ එස්.එම්. ශාන්ති චන්ද්‍රසේන මහත්මියට එරෙහිව රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා නගමින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

ඉන්ධන දීමනාව සඳහා යැයි කියමින් රුපියල් ලක්ෂ 26ක පමණ මුදලක් අවභාවිත කිරීම ගැන මෙම දෙදෙනා චෝදනා ලබා තිබේ. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනයෙන් පසු නඩු පැවරීම සිදු කළ බව අල්ලස් කොමිසම පවසයි.

0 comment
0

Related Posts

Leave a Comment