Home උණුසුම් පුවත් හාල්, කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල ඉහළ ට

හාල්, කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල ඉහළ ට

by Hela news

ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී රට තුළ ගෑස්, කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාම සිදුවිය හැකි බවට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අනතුරු අඟවයි.

කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q – SHOP අලෙවිසැල (21) විවෘත කෙරුණු අතර, එහිදී මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ලසන්ත අලගියවන්න මහතා,

“ප්‍රායෝගිකව ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම්කිසි ආකාරයක වැඩිවීමකට යන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සහල්, කිරිපිටි, ගෑස්, සිමෙන්ති පිළිබඳව මේ සුමානයේ අපි අවසාන තීරණයක් ගන්නවා.”

මේ අතර සතොසේ සිදුව ඇති අක්‍රමිකතා සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක නිලධාරියෙක් ධූරයෙන් ඉවත්වීම ගැන වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කළේය.

“ඉතා විශාල සොරකම් වංචා දුෂණ අක්‍රමිකතා සංඛ්‍යාවක් සතොසේ සිද්ධවෙලා තියෙනවා පසුගිය රජය සමයේ දී. ඒ අයම තමයි සතොස ආයතනයේ සේවානියුක්තව ඉන්නේ. බිලියන 28ක මහා විශාල විනාශයකට ලක්කරපු සතොස ආයතනයක් තමයි අපිට භාරදුන්නේ. පුළුවන්කම ලැබෙයි ඒහා සම්බන්ධ සියලුදෙනා නීතිය හමුවට පමුණුවන්න. “

ප්‍රශ්නය – කාර්යාලවල නිලධාරීන් ඉල්ලා අස්වෙනවා ඔබතුමන්ගේ බලපෑමක් තියෙනවා ද ඒ සම්බන්ධයෙන් ?

බන්දුල ගුණවර්ධන – “පිස්සන් කොටුවක පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නෑ. තර්ජනය කිරීම්, මිනිස්සු මැරීම්, මරලා දණහිසෙන් පහළට වෙඩි තැබීම්, කරන ප්‍රචණ්ඩ දේශපාලනයේ උරුමකරුවෝ නෙමෙයි අපි. “

0 comment
0

Related Posts

Leave a Comment