Home උණුසුම් පුවත් හම්බන්තොට කාර් රේස් පදින්න යයි

හම්බන්තොට කාර් රේස් පදින්න යයි

by Hela news

රජයේ ඉඩමක කරන්න යන අලුත්ම වැඩේ

හම්බන්තොට ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ජපාන සහ ස්පාඤ්ඤය ආයෝජකයින් පිරිසක් අතර ඊට අදාළ මූලික සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

කිලෝමීටර් 5.6 ක ගොන්ප්‍රී ධාවන පථයක් වන එය රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජනා වී ඇත.

රේසින් කාර් හම්බන්තොට වරායෙන් ගොඩබෑම හා අදාළ තරග සඳහා සහභාගිවන්නන්ට මත්තල ගුවන් තොටුපළ යොදා ගැනීම සැලැස්මේ මූලික අරමුණකි.

දේශීය සම්පත් හා දේශීය විශේෂඥ දැනුම ඒ සඳහා උපයෝගි කර ගැනෙන අතර මෙය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

0 comment
0

Related Posts

Leave a Comment