Home දේශීය පුවත් හබරණ නිධන් හොරා ලෝක පූජිත පිතිකරුගේ නම විකුණලා

හබරණ නිධන් හොරා ලෝක පූජිත පිතිකරුගේ නම විකුණලා

by Hela news

හොරා ක්‍රීඩකයා දැන ගත්තාට ක්‍රීඩකයාට එහෙම නෑයෙක් නෑලු

රටේ නම ගිය හිටපු ලෝකපූජිත ක්‍රිකට් තරුවකගේ නැගනියගේ සැමියා යැයි කියමින් හබරණ රක්ෂිතයේ නිධන් හෑරීමට ගොස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයා එබදු කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයකුට ඥාතීත්වයක් නැති බව අප කළ සොයා බැලීමේදී අනාවරනය විය.

මෙම නිධන් කොල්ලයේ මහ මොලකරු ලෙස සැලකෙන අසංක රත්නායක නමැති නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි මොහු අත්අඩංගුවට පත්වන අවස්තාවේදී තමන් අසවල් ක්‍රිකට් තරුවගේ නැගනියගේ සැමියා බව පවසා තමාව අත්අඩංගුවට නොගෙන මුදාහරින ලෙසද පොලිස් විශේෂ කාර්යබලකායෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳ විමසූ අවස්තාවේදී මින්නේරිය පොලිසිය පැවසුවේ සැකකරුවන් නිදන් හැරූ සිද්ධියට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නමුත් ඔවුන්ගේ පවුල්වල සබඳතා සොයා නොගිය බවයි.

සැකකරුවන් පෙරේදා(02) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් හත්දෙනා ලබන 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment