Home දේශීය පුවත් හදිසි වැස්සකින් ප්‍රදේශ කිහිපයක් යට වෙයි

හදිසි වැස්සකින් ප්‍රදේශ කිහිපයක් යට වෙයි

by Hela news

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්

දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (30) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (30) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

එමෙන්ම නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල, හාලිඇල, ඇල්ල සහ පස්සර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ පැය 3ක කාලයක් ඇදහැලුණු ක්ෂණික දැඩි වර්ෂාපතනය හේතුවෙන් නායයාම් සහ ගස් කඩා වැටීම් ඇතුළු ආපදා තත්ත්වයන් කිහිපයක් වාර්තා වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව අවදානම් ප්‍රදේශවල ජනතාව අද රාත්‍රියේදී ආරක්ෂිත මධ්‍යස්ථාන කරා රැගෙන යාමට කටයුතු කරන බවයි.

එසේම, මධ්‍යම කඳුකරයේ තවත් ප්‍රදේශ රැසකට ද මේ වනවිට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින අතර, කාසල්රී ජලාශයට ජලය සපයන කෙසෙල්ගමුවඔය ද පිටාර ගලා තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවයි

0 comment
0

Related Posts

Leave a Comment